ගජමෑන් ආදායම රුපියල් මිලියන 200 පසු කර​යි

ගජමෑන් ආදායම රුපියල් මිලියන 200 පසු කර​යි

ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය ලෙස "ගජමෑන්" පසුගිය ජනවාරි 17 වන දින සිට දිවයින පුරා 3D සිනමා ශාලා රැසක තිරගත විම ආරම්භ වු අතරම මෙය චිත්‍රපටයක් නිකුත් වි පළමු සති අන්තයේදී වැඩිය ආදායමක් ඉපයු පළමු ශ්‍රී ලාංකික චිත්‍රපටය බවටත් පත් වු බවට අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති. ඊටත් අමතරව මෙම චිත්‍රපටය ඉපැයූ මුළු ආදායම පසුගිය දා මිලියන 100+ ඉක්මවූ බවත් Android වැඩකාරයෝ අපි වාර්තා කළා ඔබට මතක ඇති.

ඔන්න දැන් වාර්තා පිට වාර්තා තබමින් තිරගත වෙන ගජමෑන් චිත්‍රපටියේ ආදායම රුපියල් මිලියන 200 ඉක්මවලා තිබෙනවා. මේ අනුව මිලියන 200 ක ආදායමක් ලබාගත් එකම ශ්‍රී ලාංකීය චිත්‍රපටියට හිමි වාර්තාවත් ගජමෑන් චිත්‍රපටියට හිමි වෙනවා.

තිරගත කිරීම් ආරම්භ වී දින 21ක් වැනි ඉතා කෙටි කාලයකදී තමයි ගජමෑන් චිත්‍රපටිය මෙම කඩයිම පසු කර තිබෙන්නේ. මේ වනවිට සම්පූර්ණ ආදායම රුපියල් මිලියන 219 ක් ලෙසයි සටහන් වෙන්නේ.

ඒ අනුව මෙහි අධ්‍යක්ශක චානක පෙරේරා මහතා විසින් සඳහන් කළ පරිදි චිත්‍රපටයෙන් අපේක්ෂිත ලාභය ලබාගැනීමට මේ කඩයිම පසු කළ යුතු වනවා.

මෙලෙස ආදායම් වාර්තා පිට වාර්තා තබන ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය "ගජමෑන්" ලීක් වුණ පරණ කොපි වලින් නැතුව තවමත් ඔබ සිනමා හලකට ගොස් නැරඹුවේ නැති නම් ඉක්මනින්ම ඔබේ ළගම පිහිටි 3D සිනමා ශාලාවෙන් මෙය නරඹන ලෙසත් අප මතක කර සිටිනවා.

⁣"ගජමෑන්" චිත්‍රපටය නැරඹිම සදහා මේ ඔස්සේත් ඔබට ප්‍රවේශපත්‍ර වෙන් කර ගැනිමේ හැකියාව තිබෙනවා.

Source: Gajaman - Facebook Page

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara