නිකුත් ​​වී දින 12කින් රුපියල් මිලියන 100​ක වාර්තාගත ආදායමක් ඉපයීමට "ගජමෑන්" සමත් ​වේ

නිකුත් ​​වී දින 12කින් රුපියල් මිලියන 100​ක වාර්තාගත ආදායමක් ඉපයීමට "ගජමෑන්" සමත් ​වේ

ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය ලෙස "ගජමෑන්" පසුගිය ජනවාරි 17 වන දින සිට දිවයින පුරා 3D සිනමා ශාලා රැසක තිරගත විම ආරම්භ වු අතරම මෙය චිත්‍රපටයක් නිකුත් වි පළමු සති අන්තයේදී වැඩිය ආදායමක් ඉපයු පළමු ශ්‍රී ලාංකික චිත්‍රපටය බවටත් පත් වු බවට අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති. ඊටත් අමතරව මෙම චිත්‍රපටය ඉපැයූ මුළු ආදායම පසුගිය මිලියන 50+ ඉක්මවූ බවත් Android වැඩකාරයෝ අපි වාර්තා කළා ඔබට මතක ඇති.

ඔන්න දැන් වාර්තා පිට වාර්තා තබමින් තිරගත වෙන ගජමෑන් චිත්‍රපටියේ ආදායම රුපියල් මිලියන 100 ඉක්මවලා තිබෙනවා. මේ අනුව මිලියන 100 ක ආදායමක් අඩුම කාලයකින් ලබාගත් ශ්‍රී ලාංකීය චිත්‍රපටියට හිමි වාර්තාවත් ගජමෑන් චිත්‍රපටියට හිමි වෙනවා.

තිරගත කිරීම් ආරම්භ වී දින 12ක් වැනි ඉතා කෙටි කාලයකදී තමයි ගජමෑන් චිත්‍රපටිය මෙම කඩයිම පසු කර තිබෙන්නේ. මේ වනවිට සම්පූර්ණ ආදායම රුපියල් මිලියන 110 ක් ලෙසයි සටහන් වෙන්නේ. එය ශ්‍රී ලංකාව තුළ ආදයම රුපියල් මිලියන 67.9 ක් සහ ඕස්ට්‍රේලියාව තුළ රුපියල් මිලියන 42.1 ක් ලෙසින් වනවා.

කෙසේවෙතත් චිත්‍රපටය අපේක්ෂිත ලාභ ලැබීමට නම් ආදායම රුපියල් මිලියන 200 සීමාව පසු කළ යුතු වනවා.

මෙලෙස ආදායම් වාර්තා පිට වාර්තා තබන ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය "ගජමෑන්" නැරඹුවේ නැති නම් ඉක්මනින්ම ඔබේ ළගම පිහිටි 3D සිනමා ශාලාවෙන් මෙය නරඹන ලෙසත් අප මතක කර සිටිනවා.

⁣"ගජමෑන්" චිත්‍රපටය නැරඹිම සදහා මේ ඔස්සේත් ඔබට ප්‍රවේශපත්‍ර වෙන් කර ගැනිමේ හැකියාව තිබෙනවා.

Source: Gajaman - Facebook Page

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna