Xiaomi සඳහා පනවා තිබූ සම්බාධක සියල්ල ඉවත් කරගැනීමට ඇමරිකානු රජය පියවර ගනී

මේත් සමග Xiaomi සමාගම සදහා ආයෝජනය කිරිමට තිබු (තාවකාලික ඉවත් කර තිබු) තහනම ඉවත් වෙන අතර ඔවුන් පෙර පැවසු පරිදි ඔවුන්ගේ නිෂ්පාදනවල මිල ඉහල නොයැ⁣මක් මේ සමග අපේක්ෂා කල හැකි වෙනවා.

Xiaomi සඳහා පනවා තිබූ සම්බාධක සියල්ල ඉවත් කරගැනීමට ඇමරිකානු රජය පියවර ගනී

ඔබට මතක ඇති පසුගිය ජනවාරි මාසයේදි පමණ ඇමරිකානු රජය විසින් Xiaomi සමාගම හා තවත් චීන සමාගම් 08ක් යුධ සමාගම් ලෙස සලකා අසාදු ලේඛන ගත කිරිමට කටයුතු කරනු ලැබුවා. මේ සදහා හේතු වුයේ Xiaomi සමාගම විසින් චීන හමුදාවන් සමග සෘජු සබදතා පවත්වන බවට පළ වු වාර්තා වෙනවා.

ඒ අනුව ඇමරිකානු ආයෝජකයන් හට Xiaomi සමාගම සදහා ආයෝජනය කිරිමේ අවස්ථාව අහිමි වු අතර ඒ වෙන විටත් සිදු කළ තිබු ආයෝජන ඉවත් කර ගැනිම මේ වසර නොවැම්බර් වෙන විට සිදු කල යුතු බවත් නිවේදනය කරනු ලැබුවා.

පසුගිය මාර්තු මාසයේදි පමණ Xiaomi සමාගම වෙත ආයෝජනය කිරිමට ඇමරිකානු ආයෝජකයන්ට පණවා තිබු තහනම තාවකාලිකව ඉවත් කිරිමට කටයුතු කරනු ලැබුවා. ඒ Xiaomi සමාගමේ කරැණු දැක්විමකට අනුවයි. කෙසේ වෙතත් මේ තහනම ඉවත් කිරිමට නියෝගය ලැබෙන අවස්ථාව වෙන විට Xiaomi සමාගමේ වෙළඳපොල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 44ක් පමණ පහත වැටි තිබුණා.

ඒ වගේම ඔබට මතක ඇති අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා Xiaomi සමාගම විසින් ඔවුන්ගේ නිෂ්පාදනවල මිල ඉහල දැමිමට සුදානම් වෙන බව. මේ සදහා හේතු විදිහට Xiaomi සමාගමේ සභාපති Wang Xiang මහතා විසින් ප්‍රකාශ කර තිබුණේ ඔවුන් විසින් Chips හිගයකට බලපා ඇති බවත් මේ වෙන විට ලොව පුරාම Chips හිගයක් පවතින බවත් මේ නිසා මිල ඉහල දැමිමේ හැකියාවක් ඇති බවයි.

ඒ වගේම මේ වෙන විටත් පවතින Covid-19 වසංගත තත්වය මෙන්ම අපි කතා කරමින් සිටින Xiaomi සමාගමට එරෙහිව පැණවු සම්බාධක ආදියත් මේ සදහා ප්‍රධාන ලෙස හේතු වෙනු ලැබුවා.

කෙසේ වෙතත් මෙලෙස Xiaomi සමාගම ආසාදු ලේඛන ගත කිරිමත් සමග ඔවුන් විසින් අධිකරණට කරන ලද කරැණු දැක්විමවල ප්‍රතිඵලයක් ලෙස Xiaomi සමාගම මේ අසාදු ලේඛනයෙන් ඉවත් කිරිමට ඇමරිකානු අධිකරණය විසින් ක්‍රියාකර තිබෙනවා. මේත් සමග Xiaomi සමාගම සදහා ආයෝජනය කිරිමට තිබු (තාවකාලික ඉවත් කර තිබු) තහනම ඉවත් වෙන අතර ඔවුන් පෙර පැවසු පරිදි ඔවුන්ගේ නිෂ්පාදනවල මිල ඉහල නොයැ⁣මක් මේ සමග අපේක්ෂා කල හැකි වෙනවා.

Source : Gsm Arena

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara