ඇමරිකානු රජය විසින් Xiaomi සමාගමට පැනවූ සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට එරට අධිකරණය කටයුතු කරයි

පසුගිය සිකුරාදා දිනයේදී (2021 මාර්තු 12) ඇමරිකානු විනිසුරුවරයෙකු වන Rudolph Contreras විසින් මෙම තහනම තාවකාලික අත්හිටුවීම සිදු කලා.

ඇමරිකානු රජය විසින් Xiaomi සමාගමට පැනවූ සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට එරට අධිකරණය කටයුතු කරයි

මීට මාස දෙකකට පෙරදී අප විසින් ගෙන ආ වාර්තාවක දැක්වුනේ ඇමරිකානු රජය විසින් Xiaomi සමාගම ඇතුළුව චීන සමගම 8කට ඇමරිකානු රජය විසින් සම්බාධක පැනවූ බවයි.

එහිදී Xiaomi සමාගම සහ අනෙකුත් සමාගම 8 “Communist Chinese military companies” ලෙස වර්ගීකරණය කරනු ලැබුවා. ඒ අනුව ඇමරිකානු ආයෝජකයන් හට මෙම සමාගම 8 වෙත ඔවුන්ගේ මුදල් ආයෝජනය කිරීම සිදු කල නොහැකි වූ අතර, සමාගම කොටස් මිලදී ගැනීමට පවා බාධක පැනවුනා.

එමෙන්ම ඒ වන විටත් ඇමරිකානු ආයෝකයන විසින් Xiaomi සමාගම වෙත ආයෝජනය කර ඇති නම්, එම ආයෝජන එම සමාගම වෙතින් ඉවත් කර ගැනීමට 2021 නොවැම්බර් මස 11 වන දින දක්වා කාලය ලබා දීම සිදු උන. මෙය අනෙකුත් සමාගම් 8ටද බල පැවැත්වෙන බව Reutersහි පලවූ වාතාවේ සඳහන් වූවා.

නමුත් Xiaomi සමාගමට ඔවුන්ගේ නිෂ්පාදනයන් ඇමරිකාව වෙත අපනයනය කිරීමට බාධා පැනවීමක් සිදු නොවු අතර ඇමරිකානු තාක්ෂණය භාවිතා කරමින් නිපදවන චිප්සෙට් භාවිතා කිරීමේ තහනමක්ද පැනවීමක්ද සිදු නොවුනි.

පසුගිය සිකුරාදා දිනයේදී (2021 මාර්තු 12) ඇමරිකානු විනිසුරුවරයෙකු වන Rudolph Contreras විසින් මෙම තහනම තාවකාලික අත්හිටුවීම සිදු කලා. මෙහිදී Rudolph Contreras විසින්, ඇමරිකානු රජය විසින් ලබාගෙන ඇති මෙම තීරණය අත්තනෝමතික තීරණයක් වන බවත් මේ සම්බාධක හේතුවෙන් යලි සකසාගත නොහැකි අකාරයට Xiaomi සමාගමට සිදු වන හානියක් සිදු වන බැවින්, මේ වන විට සිදුකරගෙන යන නීතිමය කටයුතු අවසාන වන තෙක් දැනට පනවා ඇති සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කල බව ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු රජය විසින් Xiaomi සමාගමට මෙම සම්බාධක පැනවීමත් සමඟම ඇමරිකානු කොටස් වෙළඳපලේ ලැයිස්තු වලින් ඉවත් කර ඇත. මේ හරහා Xiaomi සමාගමට විශාල පහරක් එල්ල වුනේ ආයෝජකයන්ගේ හිඟ වීමත් සමඟය. නමුත් Xiaomi සමාගම මෙම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වල එළඹුනු අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ඉදිරිපත් විය. මේ වන විට Xiaomi සමාගමේ වෙළඳ පල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 44කින් පහත ගොස් ඇත.

කෙසේ වෙතත්, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මේ වනතුරුත් මේ සඳහා ප්‍රතිචාර දක්වා නැත.

මේ වන විට මෙම නඩුවෙහි නවතම තොරතුරු Xiaomi v. Defense Department, 21-cv-280, U.S. District Court, District of Columbia (Washington) ලෙස search කිරීමෙන් ඔබට ලබා ගත හැක.

Source: Bloomberg

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna