Number portability සඳහා වන නෛතික ක්‍රියාවලියේ අවසාන අදියරේ සිටින බව TRCSL නිවේදනය කරයි

Number portability සඳහා වන නෛතික ක්‍රියාවලියේ අවසාන අදියරේ සිටින බව TRCSL නිවේදනය කරයි

එකම දුරකථන අංකය සැම දුරකථන සේවා සපයන්නෙක්ගෙන්ම ලබා ගැනිමේ හැකියාව ශ්‍රී ලාංකික ජනතාව වෙත ලබා දිම සදහා Number Portability සේවාව හදුන්වා දිමට පසුගිය අගොස්තු මාසයේදි පමණ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මුලික කටයුතු ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව ඔවුන් විසින් මේ Number Portability සේවාව පිළිබඳව මහජන අදහස් විමසීමක් පසුගිය ජනවාරි මාසයේදි පමණ සිදු කරනු ලබුවා. ඒ අනුව ශ්‍රී ලංකා විදුලි සං⁣දේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ඖෂධ සේනානායක මහතා විසින් ප්‍රකාශ කර තිබුණේ මේ සදහා පාකිස්තාන විදුලි සංදේශ අධිකාරියේ මගින් අවශ්‍ය ප්‍රායෝගික හා තාක්ෂණික සහයෝගය ලබා ගැනිමට බලාපොරොත්තු වෙන බවයි.

ජුනි 26 දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිල Twitter ගිණුම ඔස්සේ ඔවුන් සටහන් කර තිබුණේ මේ Number Portability සේවාවට අදාල නෛතික ක්‍රියාවලියේ අවසාන අදියරේ සිටින බවයි.

ඒ අනුව මේ වෙන විට සියළුම දුරකථන ක්‍රියාකරුවන් හරහා මධ්‍යම නිශ්කාෂණ ආයතනය සහ පද්ධති පිහිටුවීමත්, මෙහෙයුම් රාමුව විධිමත් කිරීමට අවශ්‍ය නෛතික ක්‍රියාවලියේ අවසන් අදියරේ සිටින බව ඔවුන් වැඩි දුරටත් දක්වා තිබුණා.

පාරිභෝගිකයින් සදහා 2022 වසරේදි මේ Number Portability සේවාව හදුන්වා දිමට බලාපොරොත්තු වෙන බවයි මිට පෙර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කර තිබුණේ.

2022 දි ශ්‍රී ලංකාව සදහා හදුන්වා දිමට යන Number Portability සේවාව ගැන තවමත් ඔබ දැනුවත් නැති ද ? මෙතනින් බලන්න.

Source : TRCSL

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara