එකම දුරකථන අංකය සෑම දුරකථන සේවා සපයන්නෙක්ගෙන්ම ලබා ගැනීමේ හැකියාව ඇති කිරීමට TRCSL එක ක්‍රියාමාර්ග අරඹයි

එකම දුරකථන අංකය සෑම දුරකථන සේවා සපයන්නෙක්ගෙන්ම ලබා ගැනීමේ හැකියාව ඇති කිරීමට TRCSL එක ක්‍රියාමාර්ග අරඹයි

මීට පෙරත් අපි විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් ආ පුවත් කිහිපයක් ගෙන ආ අතර මෙවර අප විසින් රැගෙන එන්නේ ඒ ගෙන ආ පුවත් වලට හාත්පසින්ම වෙනස් ආකාරයේ පුවතකි.

මෙවර අපට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව දෙසින් වාර්තාවන්නේ දැනට යම් අයෙකු විසින් භාවිතා කරන දුරකථන අංකයක් වේ නම් එය සියළුම ජංගම දුරකථන සේවා ජාල ඔස්සේ එම අංකය වෙනස් නොකර ලබා ගැනීමේ හැකියාව හෙවත් Number Portability යන සේවාව ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කිරීමට යන බවයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් තම නිල ෆේස්බුක් පිටුව හරහා පණිවිඩයක් තබා තිබුනේ මෙසේය.

භාවිතා කරනු ලබන ජංගම දුරකථන අංකය වෙනස් නොකර එකම දුරකථන අංකය ඕනෑම විදුලි සංදේශ ක්‍රියාකරුවෙකුගෙන් ලබගැනීමට හැකි වන පරිදි...

Posted by Telecommunications Regulatory Commission of Sri Lanka on Monday, August 24, 2020

මේ සඳහා මේ වන විට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් මූලික් අපියවරයන් ආරම්භ කර ඇති අතර එහිදී ඔබගේ දැනට පවතින් දුරකථන අංකය දැනට භාවිතා වන ජාලහංදුනා ගැනීම කේත අංකයන් සඳහා පොදු අංක ක්‍රමයක් වන බවත් (070, 071, 072, 075, 077, 076, 078) එයට ඕනෑම සබඳතාවයක් භාවිතා කල හැකිවනු ඇති බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබෙනවා.

මෙහි මූලික ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් ලංකාවේ ජංගම දුරකථන සේවා සපයන ආයතන සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ කැමැත්ත විමසා සිටීමේදී ඔවුන් එයට කැමැත්ත ප්‍රකාශ කල සිටි බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කර සිටී.

මේවන විටත් මෙම number portability සේවාව ඉන්දියාව සහ මැලේසියාව වැනි රටවල ක්‍රියාත්මක වන අතර මෙම නව ක්‍රමවේදය ලංකාව වෙත හඳුන්වාදීමට ගතවන කාලය පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් මහජන මත විමසුමක් ද කිරීමට අපේක්ෂා කරන අතර මෙය සම්පූර්ණයෙන් ස්ථාපනය කිරීම සඳහා ගත වන කාලය නිශ්චිත වශයෙන් කිව නොහැකි බවද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

Source: TRCSL via Facebook

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna