පාකිස්ථානයේ සහය ඇතුව Number portability පහසුකම ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බවට තොරතුරු වාර්තා වේ

පාකිස්ථානයේ සහය ඇතුව Number portability පහසුකම ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බවට තොරතුරු වාර්තා වේ

පසුගිය වසරේ අගොස්තු මාසයේදි පමණ එකම දුරකථන අංකය සෑම දුරකථන සේවා සපයන්නෙක්ගෙන්ම ලබා ගැනීමේ හැකියාව ලබා දිමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බවට අපි ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා.

ඒ අනුව අපි දැනට භාවිත කරන දුරකථන අංකය සියළුම ජංගම දුරකථන සේවා ජාල ඔස්සේ එම අංකයම වෙනස් නොකර ලබා ගැනීමේ හැකියාව හෙවත් Number Portability යන සේවාව ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කිරිමට සුදානම් වෙමින් සිටිනවා. මේ Number Portability සේවාව ක්‍රියාත්මක කිරිම පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ජනවාරි මාසයේ දි මහජන අදහස් විමසිමක් ද සිදු කරනු ලැබුවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වෙන ඖෂධ සේනානායක මහතා විසින් පවසා ඇත්තේ  ශ්‍රී ලංකාව තුල ජංගම දුරකථන සේවා සපයන ආයතන මේ සදහා එකගතාව පළ කිරිමෙන් පසු මේ වන විට තාක්ෂණික සාකච්ඡා මට්ටමින් මේ Number Portability සේවාව ලබා දිම පවතින බවයි.

ඖෂධ සේනානායක මහතා විසින් වැඩිදුරටත් අදහස් දැක්වා තිබෙන්නේ පාකිස්තානය තුල මේ Number Portability සේවාව ලබා ඇති සාර්ථකව නිසා පාකිස්තාන විදුලි සංදේශ අධිකාරිය සමග මේ සේවාවට අදාල ප්‍රයෝගික හා තාක්ෂණය කටයුතු සාකච්චා කිරිමට බලාපොරොත්තුව සිටින බවයි.

ඒ අනුව බොහෝ විට මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ Number Portability සේවාව ශ්‍රී ලංකාව තුල බලාත්මක කිරිමට හැකි වෙනු ඇත. පාරිභෝගිකයන් සදහා මේ Number Portability සේවාව 2022 වසරේ දි නිකුත් කිරිමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව බලාපොරොත්තු වි සිටිනවා.

Source : NewsWire

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna