OnePlus Pad නමින් trademark එකක් OnePlus සමාගම ලබා ගැනීමට කටයුතු කරයි

OnePlus Pad නමින් trademark එකක් OnePlus සමාගම ලබා ගැනීමට කටයුතු කරයි

OnePlus කියන්නේ BBK සමාගම විසින් Global Market එක ඉලක්ක කරගෙන මීට වසර 08කට පමණ පෙර ආරම්භ කරන ලද Smart Phone Brand එකක් විදිහට හදුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම ඔබට මතක ඇති පසුගිය දිනක මේ OnePlus Brand විසින් BBK සමාගමේ ම තවත් Brand එකක් වෙන Oppo Brand එකත් සමග එකාබද්ධව කටයුතු කරන බවට නිවේදනයක කරනු ලැබුවා.

කෙසේ වෙතත් OnePlus Brand එක විසින් ඔවුන්ගේම නව Tablet එකක් නිකුත් කිරිම පිළිබඳව මේ වෙන විට මුලික ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව ඔවුන් විසින් OnePlus Pad යනුවෙන් ඔවුන්ගේ Tablets සදහා අයිතිය European Union Intellectual Property Office වෙතින් ලබා ගෙන තිබෙනවා.

BBK Electronics සමාගම විසින් ඔවුන්ගේ Realme හා Oppo Brands ඔස්සේ මේ වෙන විටත් Laptops වෙළෙඳපොල වෙත පිවිසිමට කටයුතු සිදු කරමින් සිටිනවා. OnePlus Brand එකේ මේ Tablets ද Mobile Devices මෙන්ම Global Market එක ඉලක්ක කර නිපදවිමට ඔවුන් බලාපොරොත්තු වෙන බව කිව හැකියි.

Source : Gsm Arena, My Smart Price

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna