realme වෙතින් tablet උපාංගයක් නිකුත් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

realme වෙතින් tablet උපාංගයක් නිකුත් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

චීනයේ BBK Electronic Corporation සමාගමේ Realme Smartphone Brand එක කියන්න Xiaomi සමාගමේ Smartphone වෙළඳපොල බිද දැමිම සදහා නිකුත් වුණ Oppoවලම Sub Brand එකක් විදිහට හදුන්වා දෙන්න පුලුවන්. මේ වෙන විට ඉතා සාර්ථක ලෙස ජනප්‍රියත්වයට පත්ව තිබෙන Realme Smartphone Brand එක විසින් ඔවුන්ගේ වෙළඳපොල පරාසය Smartphone වෙළඳපොලට පමණක් සිමා කර නොමැති වෙනවා.

ඔබට මතක ඇති Realme සමාගම විසින් මේ වසරේදි Realme Laptops නිකුත් කිරිමට සුදානමින් සිටින බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන එනු ලැබුවා. මෙලෙස Laptop වෙළඳපොලට පිවිසිමට අමතරව මොවුන් විසින් මේ වෙන විට Realme Tablets නිකුත් කිරිම සදහා සුදානම් වෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඉන්දියාව හා යුරෝපය සදහා Realme සමාගමේ CMO විසින් ඔහුගේ නිල Twitter ගිණුම ඔස්සේ 'Realme Pad' නම පිළිබඳව විමසා තිබු අතර ඉන් පසුව ඔහු විසින් Realme Pad හෝ Realme Tab වලින් කුමක් තොරා ගන්නේ දැයි Poll එකක් ද පළ කර තිබෙනවා.

බොහෝ විට මෙය Android OS එක මගින් සමන්විත වෙනු ඇති අතර නමුත් මෙය Chrome OS එක සමග නිකුත් වුවහොත් Tablet වෙළඳපොල තුල විශාල පෙරලියක් සිදු කිරිමට සමත් වෙන බව නිසැකයි.

මේ Realme Tablet පිළිබඳව ඉදිරියේ නිල වශයෙන්ම තොරතුරු Realme සමාගම හරහා දැන ගැනිමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මෙතෙක් BBK Electronic Corporation සමාගමේ කිසිදු Brand එකක් Tablet වෙළඳපොල වෙත පිවිසි නොමැති ඇති අතර පසුගිය වසරේදි OPPO සමාගම විසින් Tablet සහ Notebook නිකුත් කිරිමට සැරසෙන බව වාර්තා වුවත් ඉන් පසු ඒ පිළිබඳව තොරතුරු වාර්තා විම සිදු වුයේ නැ.

Source : Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna