OPPO සමාගම විසින් ලබන වසරේදී tablet සහ notebook නිකුත් කිරීමට සැරසෙන බව වාර්තා වේ

OPPO සමාගම විසින් ඔවුන්ගේ නිෂ්පාදන පරාසය තවත් ව්‍යාප්ත කරමින් Tablets හා Notebooks නිෂ්පාදනය වෙත පිවිසිමට මේ වන විට සුදානමින් සිටිනවා.

OPPO සමාගම විසින් ලබන වසරේදී tablet සහ notebook නිකුත් කිරීමට සැරසෙන බව වාර්තා වේ

OPPO සමාගම විසින් ඔවුන්ගේ නිෂ්පාදන පරාසය තවත් ව්‍යාප්ත කරමින් Tablets හා Notebooks නිෂ්පාදනය වෙත පිවිසිමට මේ වන විට සුදානමින් සිටිනවා. ඒ අනුව ඔවුන් විසින් නව Tablet හා Laptop Series එකක් එළිදැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

Android Tablet නිෂ්පාදනයට මේ වන විට යොමු වි සිටින්නේ සමාගම් කිහිපයක් පමණයි. ඒ අනුව Tablet නිෂ්පාදන සමාගම් වන Lenovo සමාගම Budget Devices ද Samsung හා Huawei සමාගම් Premium Devices ද නිෂ්පාදනය කරමින් සිටිනවා. OPPO සමාගම මේ අංශයට පිවිසිම තුලින් අපිට ඉදිරියේදි Tablet Devices අතරත් වඩා හොද තරගයක් බලා ගැනිමට හැකි වෙන බව නිසකයි. අනිවාර්යයෙන්ම OPPO සමාගමේ Tablets, Apple සමාගමේ iPad lineup එකට ද තරගයක් දෙනු ඇතැයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ වගේම OPPO සමාගමේ දැනට පවතින හා ඉදිරියට නිකුත් විමට නියමිත Technologies සමග ඔවුන්ගේ Laptop Series එකත් වෙළදපොල තුල කැපි පෙනෙනු ඇති. මේ නිෂ්පාදන පෙළ පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් නොමැති වුණත් ඉදිරි මාස කිහිපය තුල නිල වශයෙන් OPPO සමාගම මෙය නිවේදනය කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Gizmochina, Weibo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna