OnePlus Nord 2 ජංගම දුරකථනයක් පුපුරා යයි

OnePlus Nord 2 ජංගම දුරකථනයක් පුපුරා යයි

ඉන්දියාවේ Dhule නනගරයේදී තවත් OnePlus Nord 2 ජංගම දුරකථනයක් පුපුරා ගිය බවට තොරතුරු මේ දිනවල වාර්තා වෙනවා. මේ සිදුවීම පිළිබඳ Suhit Sharma විසින් Twitter සටහනක් පළ කරමින් OnePlus ආයතනයට මේ ආකාරයෙන් ඍජුවම චෝදනා කර තිබෙනවා.

මෙවැනි දෙයක් ඔබ ආයතනයෙන් කිසිදා බලාපොරොත්තු නොවුණි. ඔබගේ නිෂ්පාදනය සිදු කර ඇති දේ බලන්න. මිනිසුන්ගේ ජීවිත සමඟ ක්‍රීඩා කිරීම නවත්වන්න.

Suhit Sharma විසින් දුරකථනයේ පිටුපස පින්තූර කිහිපයක් මෙම Twitter සටහන සමග යොදා ඇති අතර, දුරකථනය පහළ වම් පැත්තේ සිට පිළිස්සී ඇති බව පෙනෙන්නට තිබෙනවා. මෙහි විනිවිද පෙනෙන TPU Back Cover එක පහළ පැතිවලින් පිළිස්සී ගොස් ඇති බවත් දකින්න පුළුවන්. දුරකථනය පිපිරිම  නිසා හිමිකරුගේ දකුණු පාදයද පිළිස්සී තිබෙනවා.

ඒ වගේම ඔබට මතක ඇති මීට පෙර OnePlus Nord 2 Smart Phone එකක් පුපුරා යාම මෙන්ම OnePlus Nord 2 Charger එකක් ද පුපුරා යාමේ සිදුවිම් ඉන්දියාවෙන් වාර්තා වුණා. එමෙන්ම මෙලෙස Nord 2 දුරකථනය පුපුරා යාමට අදාලව මේ වෙන විට OnePlus සමාගම විසින් කටයුතු කරමින් සිටින අතර ඔවුන් විසින් අදාල පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳවත් සොයා බලා ඇති බවත් වාර්තා වෙනවා.

Source: GIZMOCHINA

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna