OnePlus Nord 2 මාදිලියේ ජංගම දුරකතනයක් charge කිරීමේදී එහි charger එක පුපුරා යෑමට ලක්වීමක් ගැන වාර්තා වේ

OnePlus Nord 2 මාදිලියේ ජංගම දුරකතනයක් charge කිරීමේදී එහි charger එක පුපුරා යෑමට ලක්වීමක් ගැන වාර්තා වේ

ඔබට මතක ඇති පසුගිය ජුලි මාසයේදි පමණ වෙළෙඳපොළට නිකුත් වුණ OnePlus Nord 2 ජංගම දුරකථනයක් පුපරා යාමේ සිදුවිමක් පිළිබඳ අප මීට පෙර තොරතුරු ඔබ වෙත වාර්තා කරනු ලැබුවා. ඒ වගේම ඉන්දියාවෙන් ලැබෙන නවතම තොරතුරුවලට අනුව OnePlus Nord 2 Smartphone එකක Chager එකක් පුපුරා යාමේ සිදු විමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා.

ඉන්දියාවේ කේරල (Kerala) නගරයෙන් වාර්තා වෙන මේ සිදු විම සදහා මුහුණ දි තිබෙන්නේ Jimmy Jose නැමති පුද්ගලයෙකුයි. ඔහු විසින් වර්ෂාව පවතිව අවස්ථාවදී ඔහුගේ Oneplus Nord 2 Smartphone එක Charger එකට සම්බන්ධ කර ආරෝපණය වීමට තබා ඇති අතර ඉන්පසු විශාල ශබ්දයක් සමග OnePlus Nord 2 Charging Adapter එක පුපුරා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මේ පිපි⁣රීමෙන් ඔහුගේ Smartphone එකට කිසිදු හානියක් සිදු වි නොතිබෙනවා.

මේ සිදු විමෙන් පසුව Oneplus සමාගම විසින් ඔහුට ඔවුන්ගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත පැමිණෙන ලෙස දැනුම්දි තිබෙන අතර එහිදි සිදු කරන ලද පරික්ෂා කිරීම්වලදි නිවසේ සිදු වු වොල්ටියතා උච්චාවචනයන් නිසා මෙලෙස Chager Adapter එක පිපිරිමට ලක්ව ඇති බව ඔවුන් විසින් නිගමනය කර තිබෙනවා.

Oneplus සමාගම විසින් ඔහුට නව Chager එකක් ලබා දි ඇති අතර ඔවුන් විසින් වැඩිදුරටත් දක්වා තිබෙන්නේ වොල්ටියතා උච්චාවචනයන් වැනි බාහිර සාධකයන් නිසා මෙලෙස Chagerවලට හානි විමට හැකි බවයි.

Source : Gizmochina, Gadgets 360

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna