ඉන්දියාවේ නිෂ්පාදිත OnePlus Nord 2 මාදිලියේ ජංගම දුරකතනයක් පුපුරා යයි, OnePlus සමාගම විමර්ෂණ ආරම්භ කරයි

ඉන්දියාවේ නිෂ්පාදිත OnePlus Nord 2 මාදිලියේ ජංගම දුරකතනයක් පුපුරා යයි, OnePlus සමාගම විමර්ෂණ ආරම්භ කරයි

OnePlus Nord Series එක යටතේ නිකුත් වු නවතම Device එක වෙන OnePlus Nord 2 Smart Phone එක මිලදි ගත් ඉන්දියානු පුද්ගලයෙකු විසින් ඉතා භයානක අත්දැකීමකට මුහුණ දි තිබෙනවා.

බෙංගලොර්හි (Bengaluru) පදිංචි‌‌ අන්කුර් ෂර්මාගේ (Ankur Sharma) බිරිද විසින් මේ භයානක අත්දැකීමට මුහුණ දි ඇති අතර ඇය විසින් මිලදි ගත් නවතම OnePlus Nord 2 Smart Phone එක පුපුරා ගොස් තිබෙනවා. ඇය මේ අවස්ථාවේදී පාපැදියේ ගමන් කරමින් සිට තිබෙන අතර ඇගේ Nord 2 Device එක ඇය සතුව තිබු බෑගය තුල පුපුරා ගොස් තිබෙනවා.

මේ අනුව ඇගේ සැමියා, අන්කුර් ෂර්මා විසින් මේ සිදුවිම පිළිබඳව ඔහුගේ Twitter ගිණුම ඔස්සේ වාර්තා කර තිබෙන අතර ඔහු විසින් ඒ සමග පිපිරිමට ලක්වු Nord 2 Device එකේ ජායාරූපද පල කර තිබුණා. කෙසේ වෙතත් Oneplus සමාගම විසින් දැක්වු ප්‍රතිචාරය හමුවේ මේ වෙන විට ඔහු විසින් තම Twitter සටහන ඉවත් කර ගැනිමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු විසින් පල කර තිබුණ Twitter සටහනට අනුව මේ Nord 2 Smart Phone එක ඔහුගේ බිරිද දින 05කට පමණ පෙර මිලදි ගෙන තිබු අතර පාපැදියේ ගමන් කර විය ඇය සතුව තිබු ස්ලිං බෑගය තුල මේ Smart Phone එක දමාගෙන ගොස් තිබෙනවා. හදිසියේම Nord 2 Smart Phone එක බෑගය තුල පුපුරා ගොස් තිබෙන අතර අධික දුමාරයක් පිට වි තිබෙනවා.

පුපුරා ගොස් තිබෙන Nord 2 Devල්ice එකේ ජායාරූපවලට අනුව බොහෝ විට මේ සදහා හේතු වි ඇත්තේ Battery එක පුපුරා යාමයි. පිපිරිමෙන් Device එකේ Display එක, Back Side එක හා Battery එක විනාශ වි තිබෙනවා.

කෙසේ වෙතත් පිපිරිමට හේතු පිළිබඳව OnePlus සමාගම විසින් නිල වශයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර මේ ගැටලුව පිළිබඳව අන්කුර් ෂර්මා සමගද සම්බන්ධ වි තිබෙනවා.

Sources: Beebom, Lets go digital

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna