OnePlus 9 මාදිලියේ ජංගම දුරකතන සඳහා වසර දෙකක් වගකීමක් ලබා දෙන බව OnePlus සමාගමේ CEO ප්‍රකාශ කරයි

OnePlus දුරකථන සමග පැමිණි වගකීම් කාලය OnePlus 9 දුරකථන මාලාවට දීර්ඝ කරනා බව OnePlus සමාගමේ CEO වන Pete Lau විසින් නිවේදනය කර ඇත.

OnePlus 9 මාදිලියේ ජංගම දුරකතන සඳහා වසර දෙකක් වගකීමක් ලබා දෙන බව OnePlus සමාගමේ CEO ප්‍රකාශ කරයි

OnePlus 9 දුරකථන පෙළ එළිදැක්වීම මාර්තු 23 වන දිනට යෙදී ඇති අතර එහිදී OnePlus Smart Watch දෙකකුත් එළිදැක්වීමට නියමිත බව මීට පෙර අප ඔබ වෙත විස්තර ගෙන ආවෙමු.

මෙම OnePlus 9 Series එක පිළිබදව නවතම පුවත වන්නෙ මෙතෙක් OnePlus දුරකථන සමග පැමිණි වගකීම් කාලය OnePlus 9 දුරකථන මාලාවට දීර්ඝ කරනා බව OnePlus සමාගමේ CEO වන Pete Lau විසින් නිවේදනය කළේය. ඒ අනුව OnePlus 9 දුරකථන මාලාවේ වගකීම් කාලය වසර 2 ක් බවයි. එම නිවේදනය පහතින් දැක්වේ.

微博
随时随地发现新鲜事!微博带你欣赏世界上每一个精彩瞬间,了解每一个幕后故事。分享你想表达的,让全世界都能听到你的心声!

OnePlus දුරකථන වල පමණක් නොව මේ වල විට වෙළදපොලේ පවතින බොහෝ දුරකථන සන්නාමයන්ගේ දුරකථනවලට පවතින්නේ වසරක වගකීම් කාලයකි. OnePlus සමාගම විසින් ගත් මෙම තීරණය නිසා Smartphone Industry අනිත් සමාගම් අමනාප වනු ඇතැයිද ඔවුන් පවසනවා. ඊට හේතුව පෙර සදහන් කළ පරිදි මේ වන විට බොහෝ smartphone සන්නාමයන් විසින් ඔවුන්ගේ දුරකථන වලට ලබා දෙන්නෙ වසරක වගකීම් කාලයක් නිසාවෙනි.

තම නිෂ්පාදනයන්ගෙන් මෙම කර්මාන්තය තුළ ප්‍රමුඛයා වීම පමණක් නොව තව උපාංග ලබාගන්නන්ට ලබා දෙන සේවාව අතින්ද ප්‍රමුඛයා වීමට අවශ්‍ය බවත් OnePlus CEO වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මීට අමතරව flagship දුරකථන පාරිභෝගිකයන් වසර 2 ක් භාවිතයෙන් පසු අලුත් දුරකථනයක් මිලදී ගන්නා බව සමීක්ෂණ වලින් හෙළිවී ඇති නිසා OnePlus 9 දුරකථන මිලදී ගන්නන්ටද එම වසර 2 ක කාලය සමාගමෙන් ලබාදෙන නිල වගකීමත් සමග භාවිතයට අවස්ථාව ලබාදීමට ඔවුන්ට අවශ්‍ය බවයි.

කෙසේවෙතත් මෙම අවස්ථාව ලබාදෙන්නේ චීනයට පමණක්ද යන්න පිළිබදව සදහන් කර නැත.

Source: Gizmo China, Beebom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara