OnePlus Smartwatch මාදිලි දෙකකින් මාර්තු 23 වන දින එලි දැක්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

පසුගිය ඔක්තෝබර් මාසයේදි OnePlus සමාගම විසින් ඔවුන්ගේ Smart Watch එක පිළිබඳ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඉන් පසු OnePlus සමාගමේ CEO වෙන Pete Lau මහතා විසින් OnePlus Smart Watch 2021 මුල් කාර්තුවේදි එළිදැක්වීමට බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කරනු ලැබුවා.

OnePlus Smartwatch මාදිලි දෙකකින් මාර්තු 23 වන දින එලි දැක්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

OnePlus 9 හා OnePlus 9 Pro Smart Phones මේ මස 23 වන දින නිල වශයෙන් එලිදැක්වීමට OnePlus ආයතනය සූදානම් බවට අපි මිට දින කිහිපයකට පෙර ඔබ වෙත තොරතුරු ගෙන ආවා. ඒ අනුව මාර්තු 23 වෙන දින Hasselblad cameras වලින් බලගැන්වෙන OnePlus 9 හා OnePlus 9 Pro Smart Phones දෙක නිකුත් වෙනු ඇත. මීට අමතරව මෙදිනම OnePlus Smart Watch එකත් එළිදැක්වෙනු ඇති බවට දැන් තොරතුරු වාර්තා වෙනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේදි OnePlus සමාගම විසින් ඔවුන්ගේ Smart Watch එක පිළිබඳ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඉන් පසු OnePlus සමාගමේ CEO වෙන Pete Lau මහතා විසින් OnePlus Smart Watch 2021 මුල් කාර්තුවේදි එළිදැක්වීමට බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කරනු ලැබුවා. දැන් OnePlus සමාගමේ ඉන්දියාව සදහා වෙන නිල Twitter ගිණුම ඔස්සේ OnePlus Watch මාර්තු 23 වෙන දින එළිදැක්වෙනු ඇතැයි දක්වා තිබෙනවා.

දැනට පළවෙන තොරතුරුවල⁣ට අනුව මේ OnePlus Watch එක Model දෙකකින් නිකුත් විමට නියමිත වෙනවා. ඉන් එකක් OnePlus Watch නමින් හදුන්වන Square Shaped Watch එකක් වෙනු ඇත. එහි Model Number එක ලෙස දැක්වෙන්නේ W310GB. අනෙත් එක OnePlus Watch RX ලෙසින් හදුන්වන අතර එය Circular Screen එකකින් යුතු වෙනු ඇත. එහි Model Number එක ලෙස දැක්වෙන්නේ W501GB. ඒ වගේම මේ Models දෙකම Google Wear OS එකෙන් සමන්විත වෙන බවත් වාර්තා වෙනවා.

Source : OnePlus Forum, Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna