Motorola සමාගම over-the-air charging පහසුකම ලබා දීම සඳහා GuRu Wireless සමාගම සමඟ එකතු වේ

Motorola සමාගම over-the-air charging පහසුකම ලබා දීම සඳහා GuRu Wireless සමාගම සමඟ එකතු වේ

ඔබට මතක ඇති පසුගිය ජනවාරි මාසයේදි පමණ Xiaomi සමාගම විසින් රැහැන් රහිතව වාතය හරහා Smartphone ආරෝපණය කල හැකි ක්‍රමයක් වෙන Mi Air Charge තාක්ෂණය එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. ඒ වගේම OPPO සමාගම විසිනුත් ඔවුන්ගේම රැහැන් රහිතව වාතය හරහා smartphone ආරෝපණය කල හැකි තාක්ෂණයක් ද හදුන්වා දෙනු ලැබුවා.

මේ වසර මුලදි Motorola සමාගමේ මව් සමාගම වෙන Lenovo සමාගම විසින් ද ඔවුන්ගේම රැහැන් රහිතව වාතය හරහා Smartphone ආරෝපණය කල හැකි තාක්ෂණයක් වෙන Air to Air Charging System එකක් පිළිබඳව සංකල්පයක් ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව ඉදිරියට යමින් මේ Air to Air Charging System එකේ Development කටයුතු සදහා ඔවුන් විසින් Motorola සමාගම හා GuRu සමාගම සම්බන්ධ කර තිබෙනවා.

Motorola සමාගම ඔවුන්ගේ Smartphone සදහා රැහැන් රහිතව වාතය හරහා Smartphone ආරෝපණය කිරිමේ තාක්ෂණය ලබා දිමට GuRu Wireless සමාගමත් සමග මේ වෙන විට කටයුතු කරමින් සිටිනවා. GuRu සමාගම මෙම Air Power සදහා “Millimeter-wave integrated circuits, modules සහ proprietary Smart RF Lensing යන තාක්ෂණ භාවිත කරනවා.

මොවුන් විසින් Motorola Devices සදහා හදුන්වා දිමට නියමිත මේ නව රැහැන් රහිතව වාතය හරහා Smartphone ආ⁣රෝපණය කිරිමේ හැකියාව ඇති මේ තාක්ෂණය Motorola One Hyper නමින් හදුන්වා දි තිබෙනවා.

තවමත් වැඩි දියුණු කිරි⁣ම්වල පවතින මේ Motorola One Hyper තාක්ෂණය මගින් 80cm සිට 100cm දක්වා වු පරාසයේ Devices ආරෝපණය කිරිමේ හැකියාව ලබාගෙන තිබෙනවා. මේ සදහා GuRu සමාගමේ RF Lensing Technology එක යොදා ගනු ලබනවා.

තවමත් පරික්ෂණ මට්ටමේ පවතින මේ Motorola One Hyper නම් රැහැන් රහිතව වාතය හරහා Smartphone ආරෝපණය කිරිමේ තාක්ෂණය නිල වශයෙන්ම හදුන්වා දෙන දිනයක් පිළිබඳව නම් මෙතෙක් Motorola සමාගම විසින් සදහන් කිරීමක් කර නෑ.

Source : Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara