OPPO සමාගම විසින් රැහැන් රහිතව වාතය හරහා උපාංග ආරෝපණය කළ හැකි තාක්ෂණයක් හඳුන්වා දීමට කටයුතු කරයි

OPPO සමාගම විසින් රැහැන් රහිතව වාතය හරහා උපාංග ආරෝපණය කළ හැකි තාක්ෂණයක් හඳුන්වා දීමට කටයුතු කරයි

Xiaomi සමාගම විසින් පසුගිය මාසයේදි Mi Air Charge නමින් හදුන්වන True Wireless Charging Technology එක හදුන්වා දෙනු ලැබුවා. දැන් OPPO සමාගමත් ඔවුන්ගේ නව Air Charging Technology එක පිළිබඳ MWC Shanghai හිදි එළිදැක්වනු ලැබුවා.

OPPO සමාගම මේ Wireless Air Charge Technology එක පිළිබඳව Demo Video එකක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මේ සදහා ඔවුන් OPPO සමාගමේ Rollable Device එකක් වෙන OPPO X 2021 Rollable Smart Phone එක යොදා ගෙන තිබෙනවා. මෙහි දි අපිට මේ සදහා True Wireless Charging Technology එක භාවිත වෙන බව දැක ගත හැකි වෙනවා. ඒ වගේම Charging Mat එකෙන් සෙන්ටිමීටර කිහිපයක් එසවු විටද කිසිදු ගැටලුව නොමැතිව Charge වෙන බව දැක ගන්න පුළුවන්.

මේ Wireless Air Charging Technology එක සදහා 7.5W දක්වා Charging Power එකක් භාවිත කල හැකි වෙන අතරම OPPO සමාගම පවසන අකාරයට Charging Mat එකේ සිට සෙන්ටිමීටර 10 දක්වා දුරකදි වුවද කිසිදු ගැටලුවක් තොරව මේ Air Charge Technology එක ක්‍රියාත්මක වෙනවා.

Source : Gizmochina, Oppo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna