රැහැන් රහිතව වාතය හරහා උපාංග ආරෝපණය කළ හැකි Mi Air Charge තාක්ෂණය Xiaomi සමාගම එළිදැක්වීමට කටයුතු කරයි

රැහැන් රහිතව වාතය හරහා උපාංග ආරෝපණය කළ හැකි Mi Air Charge තාක්ෂණය Xiaomi සමාගම එළිදැක්වීමට කටයුතු කරයි

Mi Air Charge ලෙස හදුන්වන රැහැන් රහිතව වාතය හරහා උපාංග ආරෝපණය කළ හැකි තාක්‍ෂණයක් පිළිබදව ඊයේ දිනයේ Xiaomi සමාගම ඔවුන්ගේ නිල Twitter ගිණුම හරහා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ කිසිදු රැහැන් සම්බන්ද කිරිමකින් හෝ wireless charging stand එකක් නොමැතිව විවිධ උපාංග වාතය හරහා ආරෝපණය කළ හැකි වීමයි. මේ පිළිබදව ඔවුන්ගේ නිල බ්ලොග් පිටුවේ වැඩි දුරටත් තොරතුරු සදහන් කරමින් Xiaomi සමාගම පවසන්නේ “self-developed isolated charging pile” ලෙස හදුන්වන උපාංගයේ සිට මීටර් කිහිපයක් දුරින් ඇති තනි උපාංගයකට 5W බලයක් ලබා දීමට මෙම තාක්‍ෂණයට හැකියාව ඇති බවයි.

“self-developed isolated charging pile” ලෙස හදුන්වන උපාංගයේ තිබෙන 5 phase interference ඇන්ටනා මගින් ඔබගේ ජංගම උපාංගයේ පිහිටීම නිවැරදිව තීරණය කිරිමට හැකියාව ඇති බව තව දුරත් තොරතුරු සපයමින් Xiaomi සමාගම පවසා තිබෙනවා.

Self-developed isolated charging pile | Source: Mi Blog

දුරස්ථ ආරෝපණ තාක්‍ෂණයන්ට අදාළ තාක්‍ෂණික පේටන්ට් බලපත්‍ර 17 ක් Xiaomi සමාගම සතුව ඇති අතර ඊයේ දිනයේ හදුන්වා දුන් Mi Air Charge තාක්‍ෂණය වාණිජකරණය කිරීමට කිසියම් සැලසුමක් තිබේදැයි යන්න සමාගම තවමත් අනාවරණය කර නොමැත.

Sources: XDA, Mi Blog

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna