ආදායම් වාර්තා අලුත් කරන "ගජමෑන්" චිත්‍රපටය

ආදායම් වාර්තා අලුත් කරන "ගජමෑන්" චිත්‍රපටය

ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය ලෙස "ගජමෑන්" පසුගිය ජනවාරි 17 වන දින සිට දිවයින පුරා 3D සිනමා ශාලා රැසක තිරගත විම ආරම්භ වු අතරම මෙය චිත්‍රපටයක් නිකුත් වි පළමු සති අන්තයේදී වැඩිය ආදායමක් ඉපයු පළමු ශ්‍රී ලාංකික චිත්‍රපටය බවටත් පත් වු බවට අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති.

මේ වාර්තා සමගින් "ගජමෑන්" චිත්‍රපටය තවත් වාර්තා රැසක් අලුත් කර ඇති බව ඔබ දන්නවා ද ?

  • ආරම්භක සති අන්තය වැඩිම ආදායමක් ඉපයු චිත්‍රපටය
  • සතියේ සෑම දිනකම වැඩිම ආදායමක් ඉපයු චිත්‍රපටය
  • වේගවත්ම මිලියන 10 ආදායම ඉපයු චිත්‍රපටය
  • වේගවත්ම මිලියන 15 ආදායම ඉපයු චිත්‍රපටය
  • වේගවත්ම මිලියන 20 ආදායම ඉපයු චිත්‍රපටය
  • වේගවත්ම මිලියන 25 ආදායම ඉපයු චිත්‍රපටය
  • ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික චිත්‍රපටයක් සදහා වන වාර්තාගත ඉහළම Pre-Booking ප්‍රමාණය

එමෙන්ම මේ වන විට දේශිය වශයෙන් මිලියන 25කට වැඩි ආදායමක් මෙන්ම අන්තර්ජාතික වශයෙන් මිලියන 27කට වැඩි ආදායමක් ලබා ගැනිමටත් "ගජමෑන්'" චිත්‍රපටය සමත් වි තිබෙනවා.

මෙලෙස ආදායම් වාර්තා පිට වාර්තා තබන ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය "ගජමෑන්" නැරඹුවේ නැති නම් ඉක්මනින්ම ඔබේ ළගම පිහිටි 3D සිනමා ශාලාවෙන් මෙය නරඹන ලෙසත් අප මතක කර සිටිනවා.

Image - Gajaman Official Facebook Page

⁣"ගජමෑන්" චිත්‍රපටය නැරඹිම සදහා මේ ඔස්සේත් ඔබට ප්‍රවේශපත්‍ර වෙන් කර ගැනිමේ හැකියාව තිබෙනවා.

Source: Gajaman - Facebook Page

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara