තවත් OnePlus Nord 2 මාදිලියේ ජංගම දුරකතනයක්, දුරකතන ඇමතුමක සිටියදී පුපුරා යයි

තවත් OnePlus Nord 2 මාදිලියේ ජංගම දුරකතනයක්, දුරකතන ඇමතුමක සිටියදී පුපුරා යයි

ඔබට මතක ඇති පසුගිය ජුලි මාසයේදි පමණ වෙළෙඳපොළට නිකුත් වුණ OnePlus Nord 2 ජංගම දුරකථනයක් පුපරා යාමේ සිදුවිමක් පිළිබඳ අප මීට පෙර තොරතුරු ඔබ වෙත වාර්තා කරනු ලැබුවා. ඒ වගේම OnePlus Nord 2 Smartphone එකක Chager එකක්ද පුපුරා ගියා.

ඉන්දියාවෙන් වාර්තා වෙන නවතම තොරතුරකට අනුව දුරකතන ඇමතුමක සිටියදීම OnePlus Nord 2 මාදිලියේ ජංගම දුරකතනයක් පුරාගොස් තිබෙනවා.

මෙම සිද්ධිය මුලින්ම වාර්තා කර තිබෙන්නේ 2022 මාර්තු 26 වැනිදාය. Twitter පරිශීලක Lakshay Verma විසින් සඳහන් කර තිබෙන්නේ, ඔහුගේ සහෝදරයා ඇමතුමක සිටියදී උපාංගය ඔහුගේ අතේ පුපුරා ගිය බවයි. පිපිරීම නිසා උණු වූ ලෝහ කොටස් ඔහුගේ අත්ල සහ මුහුණේ ඇලී තිබෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ නව දිල්ලියේ Connaught Placeහි පිහිටි OnePlus Service Center එක වෙත ගිය විට මේ සදහා ඔවුන්ට දවස් 2-3 ලබා දෙන බවත්, පිළිස්සී ගිය device එක ඔවුන් විසින් ලබා ගත් පසු තවමත් මේ සම්බන්ධයෙන් ඔවුන් කිසිවක් නොකළ බවයි.

ට්වීට් එකෙහි තිබෙන පින්තූර දෙස බලන විට දුරකථනය සම්පූර්ණයෙන්ම හානි වී ඇති අතර අලුත්වැඩියා කළ නොහැකි තත්වයේ පසුවෙනවා. පිපිරුම සිදුවී ඇත්තේ දුරකථනයේ වම් මායිම වටා වන අතර, මීට පෙර අවස්ථා වලදීද මෙම මාදිලියේ දුරකතන ගිනි ගත්තේ එහිදී ය.

91mobiles වෙබ් අඩවියේ වාර්තාවක දැක්වෙන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් සමාගමෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීමෙන් පරිශීලකයා OnePlus සමාගමට එරෙහිව පාරිභෝගික අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවයි. මේ වන විට පෙනෙනුයේ OnePlus සමාගම අදාළ පරිශීලකයාට මුදල් ලබා දී හෝ වෙනත් ක්‍රමයකින් මේ සිද්ධිය යටපත් කර ඇති බවයි.

මෙම සිදුවීම OnePlus Nord 2 දුරකතන පිපිරුණු බවට වාර්තා වූ දීර්ඝ සිදුවීම් මාලාවක නවතම සිදුවීම වනවා. OnePlus Nord හි පරිශීලකයින් ඔවුන්ගේ උපාංගය පුපුරා යා හැකි බවට බිය වී ඇති බව පවසමින් සිද්ධිය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Source: Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna