4K display එකක් නොමැති ජංගම දුරකතන වලින් පවා 4K videos නැරඹීමේ හැකියාව ලබාදීමට YouTube කටයුතු කරයි

මේ හරහා ඕනම Android smartphone එකකින් 2160p(4K) videos YouTube හරහා නැරඹීමට අවස්ථාව ලැබෙනවා.

4K display එකක් නොමැති ජංගම දුරකතන වලින් පවා 4K videos නැරඹීමේ හැකියාව ලබාදීමට YouTube කටයුතු කරයි

දැනට පවතින බොහෝ Android Smartphones වල තියෙන්නෙ 720p (HD) හෝ 1080p (FHD) display එකකි. Samsung Galaxy 21 වගේ smartphone වල නම් 1440p (WQHD+) display එකක් එනවා. නමුත් එවැනි දුරකථන මාදිලි මිලෙන් අධික බොහොම අතලොස්සක් තමයි දැනට පවතින්නෙ.

නමුත් මේ හරහා ඕනම Android smartphone එකකින් 2160p(4K) videos YouTube හරහා නැරඹීමට අවස්ථාව ලැබෙනවා.

ඇත්තම මේකෙ ඇති වැදගත්කම මොකද්ද? අදාළ Display එක නැතුව මේකෙන් කොහොමද 4K videos බලන්නෙ?

ඇත්තම මෙතනදි ඔයාගෙ video එක Play වෙන්නෙ ඔයාගෙ display එකේ resolution එකෙන්ම තමයි. ඒ කියන්නෙ ඔයාගෙ display එක 1080p නම් video එක play වෙන්නෙත් 1080p resolution එකෙන්ම තමයි.නමුත් 4K content එකකින් ඔයාට 1080p එකට සාපේක්ෂම ගොඩක් sharp සහ higher fidelity එකක් සහිතව video නැරඹීමේ අවස්ථාව මේ මගින් ලැබෙනවා.

හැබැයි මේ විදියට ඔයා 2160p වලින් videos බලද්දි ඔයාට හොද fast internet connection එකක් සහ පෙරට වඩා data ප්‍රමාණයකුත් මේ සදහා වැය වෙනවා.

YouTube App එකේ 16.07.32 version එකට update කළ  ඇතැම් දුරකථන වල මෙම පහසුකම භාවිතා කිරීමට හැකි වී ඇති නමුත් තවමත් බොහෝ පිරිසකට මෙය ක්‍රියා කර නැත.ඉදිරියේදි ලැබෙන update එකකින් මේ පහසුකම සියල්ලන්‍ටම අත්විදීමේ හැකියාව ලැබෙනු ඇත.

Source: Beebom

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna