Youtube සඳහා AI Dubbing Tool එකක් හඳුන්වා දෙයි

Youtubeහි පවතින Video හඬ කැවීමේ හැකියාව, එනම් AI භාවිතයෙන් එම Video එකේ Original භාෂාවට අමතරව තවත් භාෂා රැසකින් පළ කිරිමේ හැකියාව ලබා දීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා.

Youtube සඳහා AI Dubbing Tool එකක් හඳුන්වා දෙයි

Google සමාගම විසින් ඔවුන්ගේ Youtube සමාජ මාධ්‍ය සඳහා මේ වන විට විවිධ නව විශේෂාංග හඳුන්වා දෙමින් සිටිනවා. ඒ අනුව මීට පෙර ලොව පුරා ප්‍රචලිත මේ Youtube සමාජ මාධ්‍ය තුළ එහි පරිශීලකයන් විසින් පළ කරනු ලබන Comment භාෂා 100කට අධික ප්‍රමාණයකට පරිවර්තනය කිරිමේ හැකියාව ලබා දෙනු ලැබුවා. මෙවැනි විශේෂාංගයන් ඔස්සේ ඔවුන් බලාපොරොත්තු වන්නේ Youtubeහි පවතින වෙනස් වෙනස් භාෂාවල Content සඳහා භාෂා දැනුමේ ගැටලුවකින් තොරව ප්‍රවේශ විමේ හැකියාව ලබා දීමයි.

මෙහි තවත් පියවරක් ලෙස Youtubeහි පවතින Video හඬ කැවීමේ හැකියාව, එනම් AI භාවිතයෙන් එම Video එකේ Original භාෂාවට අමතරව තවත් භාෂා රැසකින් පළ කිරිමේ හැකියාව ලබා දීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව මීට දින කිහිපයකට පෙර පැවති Vidcon 2023 හිදී මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කිරීමට Google සමාගම කටයුතු කළ අතර මේ AI Powered Dubbing Service එක Aloud නමින් හඳුන්වා දෙනු ලැබුවා.

මේ Aloud Tool එක ඔස්සේ අපට Youtube සඳහා Upload කළ යුතු Video එක සඳහා අපට අවශ්‍ය භාෂාවෙන් හඬ කැවිමේ හැකියාව ලබා දෙනු ලබනවා.

දැනටමත් මේ Tool එක ඔවුන් විසින් Youtube Creatorsලා රැසක් සමඟ එකතුව පරික්ෂා කර තිබෙන අතර දැනට මේ සඳහා ඉංග්‍රීසි, ස්පාඤ්ඤ සහ පෘතුගීසි භාෂාවන් පමණක් සහාය දක්වන අතර ඉදිරියේදි මේ සඳහා තවත් භාෂාවන් සහාය දැක්වීමට නියමිත වනවා.

මෙලෙස මේ Tool එක භාවිතයෙන් ස්පාඤ්ඤ භාෂාවෙන් හඬකවන ලද Video එකක් පහතින් ඔබට නැරඹිය හැකියි. එම Video එක වෙත පිවිස Setting Icon එක Click කර එහි ඇති Audio track තේරීමෙන් ඔබට ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ භාෂාවන් අතර මාරැ විය හැකි වනවා.

ඒ වගේම ඉදිරියේදි මෙලෙස Translate කර හඬ කැවෙන හඬද එම Videoවේ Original Voice එකටම සමාන ලෙස සහ දෙතොල් චලනයන්ට අනුකුල ලෙසට ක්‍රියාත්මක වන පරිදි වැඩි දියුණු කිරීමටත් බලාපොරොත්තු වෙන බව ඔවුන් වැඩි දුරටත් දක්වා සිටිනවා.

Sources: Aloud ThevergeCover Image Source: Fonearena

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna