ඇමරිකාව තුලදී Tesla මෝටර් රථ මිලදී ගැනීම සඳහා Bitcoin භාවිතා කල හැකි බව Elon Musk නිල වශයෙන් නිවේදනය කරයි

ඇමරිකාව තුලදී Tesla මෝටර් රථ මිලදී ගැනීම සඳහා Bitcoin භාවිතා කල හැකි බව Elon Musk නිල වශයෙන් නිවේදනය කරයි

ඔබට මතක ඇති මෑතකදී Tesla සමාගම විසින් ඩොලර් බිලියන 1.5 ක Bitcoin මිලදී ගත් බව අපට අසන්නට ලැබුනා. ඉන්පසු මේ වන විට Tesla සමාගම සමග ගණුදෙනු කිරීමේ එක් මාධ්‍යයක් ලෙස Bitcoin භාවිතා කිරීමට අවස්ථාව සලසා ඇති බව Tesla සමාගමේ CEO වන Elon Musk විසින් ඔහුගේ twitter ගිණුම ඔස්සේ මේ පිළිබදව නිවේදනය කරනු ලැබුවා. එම tweet එක පහතින් දැක්වේ.

ඒ අනුව මේ වන විට Tesla වෙබ් අඩවිය ඔස්සේ ගෙවීම් සිදුකරන්නට යන අවස්ථාවේ Bitcoin යනුවෙන්ද ගෙවීම් මාධ්‍යයක් ඔබට දැකගත හැකිවනු ඇත. එය දිස්වන්නේ පහත රූපයේ ආකාරයටයි.

නමුත් මෙම පහසුකම භාවිතා කළ හැකි වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පමණක් වන අතර අනෙක් රටවල් සදහා මෙම පහසුකම ඉදිරියේදී ලබා දෙන බව ඔහු දැක්වූ twitter පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර තිබුණා.

Source: TechCrunch, Beebom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara