Xiaomi සමාගම විසින් නව logo එකක් එලිදැක්වීමට කටයුතු කරයි

Xiaomi සමාගම විසින් නව logo එකක් එලිදැක්වීමට කටයුතු කරයි

අද Xiaomi Mega Launch එකේ දෙවන දිනයයි. එහිදී ඔවුන්ගේ පෙර පැවති Logo එක සහ typography එක redesign කර එලිදැක්වනු ලැබුවා. මෙම වසරේදී Poco සමාගමේ ද Logo එක වෙනස් වුණු අතර ඒ පිළිබදවද ලිපියක් අප ඔබ වෙත ගෙන ආවා. එම ලිපිය මෙතැනින් කියවන්න. නමුත් Xiaomi සමාගමේ මෙම Logo එක වෙනස් වීමක් නොව redesign කිරීමක් තමයි සිදුකර තිබෙන්නේ.

නව Logo එක සහ typography එක පහතින් දැක්වේ.

මෙම නවතම logo එක design කර තිබෙන්නේ Nippon Design Center (NDC) එකේ සභාපතිවරයා සහ Musashino Art විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන Kenya Hara විසිනි. Xiaomi පවසන ආකාරයට මෙම designer විසින් මේ සදහා “superellipse” ගණිත සූත්‍රය මේ සදහා භාවිතා කර ඇති අතර optimal dynamic balance එකක් සහ square එකක් හා circle එකක් අතරමැදි design එකක් පවතින නිසා ඒ දෙක අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීවා සදහා මෙම සූත්‍රයේ විචල්‍යයන් අවශ්‍ය පරිදි වෙනස් කරමින් මෙම නිර්මාණය සිදුකර ඇත.

Xiaomi සමාගම පවසන්නේ ඔවුන් Logo එක සදහා යොදන තැඹිලි වර්ණය ඉදිරියට පවත්වා ගෙන යන බවත් Logo එක වෙනස් නොවන බවත්‍ ය. කෙසේවෙතත් ඔවුන්ගේ high-end products වලදී නම් මෙම logo එකට අතිරේක වර්ණ ලෙස black සහ silver භාවිතා වේ.

Source :- Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara