චීනය සඳහා පමණක් නිකුත් වුණු Xiaomi 12 දුරකතන මාදිලිය මාර්තු 15 වන දි​න ගෝලීය වෙළඳපල​ට නිකුත් කරන බවට තොරතුරු වාර්තා ​වේ

චීනය සඳහා පමණක් නිකුත් වුණු Xiaomi 12 දුරකතන මාදිලිය මාර්තු 15 වන දි​න ගෝලීය වෙළඳපල​ට නිකුත් කරන බවට තොරතුරු වාර්තා ​වේ

පසුගිය වසරේ දෙසැම්බර් මාසයෙ එළිදැක්වුණු Xiaomi 12 දුරකථන මාලාව වෙළදපොලට නිකුත් කලේ චීනයට පමණයි. නමුත් මේ වන විට වාර්තා වන ආකාරයට මාර්තු මස 15 වන දින Globally නිකුත් කිරීමට නියමිත අතර එය පළමුව ඉන්දියාවටත් ඉන්පසු අනෙක් රටවල් වලටත් නිකුත් වනු ඇත.

දෙසැම්බර් මාස එළිදැක්වුණු මෙම දුරකථන මාලාව Xiaomi 12, Xiaomi 12 Pro සහ Xiaomi 12X ලෙස මාදිලි තුනකින් සමන්විත උනා. නමුත් Gloabal Market මෙය නිකුත් කිරීමේදි මෙම මාදිලි තුන මෙලෙසම එළිදැක්වේදැයි නිශ්චිතව කියන්න බැහැ. මීට අමතරව දැන් කලෙක සිට නිකුත් වීමට නියමිත යැයි පැවසෙන Xiaomi 12 mini දුරකථනයත් මෙම event එක තුලදී එලිදැක්වෙණු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

කෙසේ නමුත් මෙම දුරකතන මාලාවේ සුවිශේෂීම අංගය වූයෙ එහි කැමරාවයි. එම නිසාම වෙන්නට ඇති මෙම මාර්තු 15 event එකේ තේමාව Master every scene ලෙස යොදා ඇත.

මෙම දුරකතන මාලාවේ Xiaomi 12 හා Xiaomi 12 Pro දුරකතන චීනයට නිකුත් වුණු ආකාරයෙන්ම Snapdragon 8 Gen 1 flagship SoC එකෙන් සමන්විත වනු ඇති අතර Xiaomi 12X පෙර පරිදිම Snapdragon 870 න් පැමිණනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතරම මේවයේ මිල ගණන් ආසන්න වශයෙන් Xiaomi 12 Pro දුරකතනය $1200 ක් ලෙසත් Xiaomi 12X දුරකතනය $670 ක් ලෙසත් නිකුත් වීමට ඉඩ ඇත.

Source: Gizchina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna