Git Remote Repositories එක්ක වැඩ කරමු

මෙම පාඩම හරහා Github remote repositories සමග වැඩ කරන ආකාරය සාකච්චා කරනවා.

Git Remote Repositories එක්ක වැඩ කරමු

Git සහ GitHub හතරවන පාඩමට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයා පසුගිය පාඩම් කියවූයේ නැතිනම් ඒවා මුලින් කියවා අවසන් කර මෙම කොටසට පැමිණෙන්න.

Git වල Branching සහ Merging කියන්නේ මොකද්ද?
මෙම පාඩම හරහා Git වල Branching සහ Merging පිළිබද හොද අවබෝධයක් ලබාගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

මෙම පාඩම හරහා GitHub remote repositories සමග වැඩ කරන ආකාරය සාකච්චා කරනවා.

GitHub පිලිබදව විස්තරාත්මක හැදින්වීමක් පළමු පාඩමේ අඩංගු කර තිබෙනවා. Github ඔස්සේ Collaborate වෙල develop කරන්නත් locally create කරපු repositories host අවස්ථාව ලැබෙනවා.

  1. මුලින්ම ඔයාගෙ GitHub account එකට log වෙලා පහතින් තියෙන images අනුව අලුත් repository එකක් create කරගන්න.

2. දැන් මෙන්න මේ පහළ තියෙන URL එක copy කරගන්න.

3. ඉන්පසුව “git remote” command එක භාවිතා කරල remote repository එකක් හදාගන්න පුලුවන්. ඒ සදහා “git remote add origin <url>” ආකාරයට command එක ලාබදෙන්න.

මෙහි origin ලෙස භාවිතා කර ඇත්තේ අප විසින් remote repository එකට ලබාදෙන name එක වේ. එය සාමාන්‍යයෙන් බාවිත වන නමක් වන අතර ඒ නමම යොදාගැනීම අත්‍යවශ්‍ය නැත.

4. දැන් remote repository එකට push කිරීමට පෙර ඒ සදහා එහි branch එකක් සාදාගත යුතුයි. එහිදී “git branch -M main” command එක භාවිතා වෙනවා. මෙහි main ලෙස යොදා ඇති name එක වෙනුවට කැමති name එකක් භාවිතා කරන්න පුලුවන්. සාමන්‍යෙන් main කියන name එක යොදාගනු ලබනවා..

5. දැන් අවසාන අදියර ලෙස පෙර commit කර තිබූ සියල්ල remote repository එක වෙත push කරමු. ඒ සදහා “git push -u origin main” යන command එක භාවිතා කරන්න. (මේ සදහා ඔබට අන්තර්ජාල සබදතාවයක් අවශ්‍ය වේ)

6. දැන් ඔයා GitHub තුළ ඔබේ repository එක බැලුවොත් ඔබ push කළ සියල්ලම එහි update වී ඇති ආකාරය බලාගන්න පුලුවන්.

මීළග පාඩමෙන් හමුවෙමු.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara