WhatsApp 'View Once' විශේෂාංගය WhatsApp beta හරහා WhatsApp text messages වලට ලබා ​දේ

WhatsApp 'View Once' විශේෂාංගය WhatsApp beta හරහා WhatsApp text messages වලට ලබා ​දේ

WhatsApp හි “View Once” විශේෂාංගය දැනට photos සහ videos සදහා පමණක් භාවිතා කිරිමට ඉඩ සලසයි. නමුත් දැන් WhatsApp හි “View Once” Feature එක Text-based Messages සදහාද Support කරන බව WABetaInfo reports වාර්තා කරනවා. එය WhatsApp හි Android app එකෙහි නවතම Beta Version තුල සංවර්ධනය වෙමින් පවතින බවත් ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

නවතම “View Once” විශේෂාංගය මුරපදයක් හෝ Credit card විස්තර වැනි සංවේදී තොරතුරු යැවීම සදහා අතිශය ප්‍රයෝජනවත් වනවා.

Image : wabetainfo

WhatsApp හි පිරිනමන එකම තාවකාලික පණිවිඩකරණ විශේෂාංගය මෙය නොවන අතර දැනටමත් පරිශීලකයින්හට නිශ්චිත කාලයකට පසු Automatically Disappear වන විශේෂාංගයක් හදුන්වා දී අවසන් වනවා. නමුත් ඉදිරියට එන View-once විශේෂාංගය සමඟින්, පණිවිඩය ලබන්නා විසින්, එම පණිවිඩය බැලූ වහාම ඒවා අතුරුදහන් වනු ඇත.

කෙසේ වෙතත්, තවමත් වෙනත් ක්‍රම භාවිතා කරමින් පණිවිඩය ඡායාරූප ගත කිරීමට හැකි වන බැවින්, මෙය සමහර පරිශීලකයින් හට අමුතු දෙයක්ද නොවේ.

Sources: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna