WhatsApp calls සදහා sharable links පහසුකම ලබා දේ

WhatsApp calls සදහා sharable links පහසුකම ලබා දේ

වීඩියෝ calls සඳහා Zoom හෝ Google Meet වැනි apps අප හට සාමාන්‍යය වේ. නමුත් දැන් ජනප්‍රිය App එකක් වන WhatsApp ද මෙම විශේෂාංගය එළිදක්වමින් සිටින අතර ඔබට ඇමතුමක link එකක් පවුලේ අය සහ මිතුරන් සමඟ බෙදා ගත හැකිය.

Facebook සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්, Zuckerberg නිවේදනය කළේ WhatsApp විසින් Call Links feature එක එළිදක්වන බවයි.

calls tab එක යටතේ video link සෑදීමේ option එක පරිශීලකයින් හට සොයා ගනු ලැබීමට ඇත. link එකක් නිර්මාණය කළ පසු, ඔවුන්ට වීඩියෝ ඇමතුමට සම්බන්ධ වීමට එය මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගත හැක.

Image Credits: WhatsApp
Image Credits: WhatsApp

call links feature එක සියලුම පරිශීලකයින් වෙත මෙම සතියේ තුල නිකුත් වේ, එබැවින් ඔබට WhatsApp updates පිළිබඳව අවධානයෙන් සිටිය යුතු වීමට සිදු වේ. දින 90කින් පසු එම ඔබ සාදන ලද link එක කල් ඉකුත් වන බව WhatsApp ආයතනය පවසයි. තවද, ඔබ එය WhatsApp භාවිතා නොකරන කෙනෙකුට යැවුවහොත්, ඔවුන් හට app එක බාගත කිරීමට හරවා යවනු ලැබේ.

Sources: Tech Crunch Android Police

Read more

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

සුපුරුදු පරිදි Apple's Worldwide Developers Conference එක මීට දවස් කිහිපයක ට උඩදි පැවැත් වුනා. එහිදි Apple විසින් විශේෂයෙන් කතා කරපු ප්‍රධාන කරුණු 13 ක් පිළිබදව අවදානය

By Kusal Dissanayaka