WhatsApp Android සඳහා වන face unlock පහසුකම ලබා දීමට Facebook ආයතනය සූදානම් වේ

WhatsApp Android සඳහා වන face unlock පහසුකම ලබා දීමට Facebook ආයතනය සූදානම් වේ

WhatsApp කියන්නේ ලොව පුරා මිලියන 100කට අධික පරිශිලකයන් ප්‍රමාණයකින් යුතු සන්නිවේදන මාධ්‍යයක් විදිහට හදුන්වන්න පුළුවන්. මේ වන විට WhatsApp සදහා නව Features රැසක් ලැබෙමින් පවතිනවා. ඔබට මතක ඇති අපි මිට පෙර ලිපි මගින් WhatsApp Web සදහා Video & Audio Calls පහසුකම ලබා දෙන්න සුදානම් බව වගේම Devices කිහිපයකින් WhatsApp භාවිතා කිරිමේ පහසුකම ලබා දෙන්න සුදානම් බවත්.

මේ වන විටත් WhatsApp සදහා Fingerprint Unlock Feature එක Android හා iOS Usersලාට ලබා දි තිබෙනවා. ඒ වගේම iOS WhatsApp සදහා Face-ID Feature එකත් ලබා දි තිබෙනවා . එහි ඉදිරි පියවරක් ලෙස WhatsApp Android සදහා Face Unlock Feature එක හදුන්වා දිමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා. දැනට WhatsApp හි Settingsවල තිබෙන "Fingerprint Lock" යන්න ඉදිරියේදි "Biometric Lock" Rename විමට නියමිතයි.

මේ අලුත් Feature එක Android’s BiometricPrompt API මත පදනම් ව ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ මගින් Biometric Authenticationවලට Fingerprint Sensor එක හෝ Face Scanner එක ඉදිරියේදි භාවිත කිරිමට අවස්ථාව ලැබෙනු ඇත. කෙසේ වෙතත් මේ Feature එක තවමත් WhatsApp Beta Versionවලටවත් ලබා දි නොමැති අතර මෙය ඉදිරියේදි Beta Version සදහා ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Xda Developers , WABetaInfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna