උපාංග කීපයකින් එකවර WhatsApp භාවිතා කිරීමේ හැකියාව අත්හදා බැලීමේ අවසාන අදියර වෙත ලඟා වේ

උපාංග කීපයකින් එකවර WhatsApp භාවිතා කිරීමේ හැකියාව අත්හදා බැලීමේ අවසාන අදියර වෙත ලඟා වේ

උපාංග කිහිපයකින් එකවර WhatsApp වෙත ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව අත්හදා බලන බව මීට පෙර දිනයකදීද අප විසින් ඔබ වෙත වාර්ථා කල මතක ඇති. මේ පිළිබඳ අන්තර්ජාලය පුරාවට විශාල වශයෙන් කතා බහට ලක් උනා. ඒ අනුව WhatsApp වීසින් එකවර වෙනස් උපාංග 4කින් එකවර WhatsApp භාවිතා කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

මේ වන විටත් අපට එකවර උපාංග දෙකකින් හෝ කිහිපයකින් WhatsApp භාවිතා කිරීමේ හැකියාවක් තිබුණත් ප්‍රධාන ජංගම දුරකථනය හැරුණු කොට අපට භාවිත කල හැක්කේ එක් උපාංගයක් පමණයි. එමෙන්ම WhatsApp ගිණුම ඇති ප්‍රධාන ජංගම දුරකථනය අන්තර්ජාලයට සම්බන්ධ වී තිබීම අනිවාර්‍ය වනවා.

නමුත් නව ක්‍රමයේදී ඇති වාසිය වන්නේ ඔබගේ WhatsApp ගිණුම ඇති ප්‍රධාන ජංගම දුරකථනය අන්තර්ජාලයට සම්බන්ධ නොවී තිබුණද ඔබට ඔබගේ WhatsApp ගිණුම වෙනත් උපාංගයක සිට භාවිතා කිරීමේ හැකියාව ලැබීමයි.

මෙහිදී අදාල පණිවිඩ sync වන්නේ කෙසේද යන්න සහ මෙහි ආරක්ෂිත බව ඔබට දැන් ප්‍රශ්නයක් පැන නගිනු ඇත. එයට පිළිතුර පහත රූපයෙන් දැකගත හැකිය. මේ වන විටත් WhatsApp වෙතින් WhatsApp desktop client වෙත අළුත් UI එකක් නිර්මාණය කරගෙන යන අතර එහි සඳහන් වන පහත ආකාරයට ඔබගේ chat history එක උපාංග අතර end-to-end encrypted ලෙසින් හුවමාරු වනු දැකිය හැක.

නමුත් මේ වන විට මෙය 100%ක්ම සම්පූර්ණ කර නැත, දැනට සම්පූර්ණ කර ඇත්තේ chat history එක sync කිරීම, chat mute කිරීම, messages star කිරීම, delivery reports සහ සුළු කොටස් ප්‍රමාණයක් පමණි.

එමෙන්ම ඉදිරියේදී පහත පහසුකම beta testersලා වෙත ලබා දෙනු ඇත.

ඉහත screenshot එක අනුව අපගේ linked devices බලාගත හැකි ආකාරයේ පහසුකමක් WhatsApp Android beta testersලාට ලැබෙනු ඇත. එමෙන්ම ඒ සමගම ඇති multi device beta යන පහසුකම ඔස්සේ එලෙසින් link කරන ලද devices වලට ඔබගේ ප්‍රධාන ජංගම දුරකථනය සතුව අන්තර්ජාල සම්බන්ධතාවක් නැති උනත් බාධාවකින් තොරව භාවිතා කිරීමේ හැකියාව ක්‍රියාත්මක කල හැක.

Source: WABetaInfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna