WhatsApp online status එක සදහටම සැඟවීමේ විශේ​ෂාංගයක් එක්වන ලකු​ණු

WhatsApp online status එක සදහටම සැඟවීමේ විශේ​ෂාංගයක් එක්වන ලකු​ණු

WhatsApp සදහා ලබා දීමට සුදානමින් සිටින නව Feature එකක් පිළිබඳව පුවත් කිහිපයක් මේ දිනවල වාර්තා වනවා. ඒ වගේම WhatsApp Message editing වැනි ප්‍රධාන විශේෂාංග කිහිපයක් පිළිබඳව අප වාර්තා කළා ඔබට මතක ඇති. නව Feature එකක් ලෙසින් WhatsApp සදහා ලබා දිමට සුදානම් වෙන්නේ ඔබ WhatsApp හි Online සිටින විට Online සිටින බව පෙන්වීම හෝ සැගවීම සිදු කිරිමේ හැකියාව ලබා දීමට Meta සමාගම කටයුතු කරමින් සිටිනවා.

වසර ගණනාවක සිට බොහෝ දෙනෙක් WhatsApp වෙතින් මෙම පහසුකම අපේක්ෂාවෙන් සිටින ලදී. පසුව පරිශීලකයන්ගේ Feedbacks පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව මෙය සංවර්ධනය කිරීමට ආරම්භ කර තිබෙනවා. මන්දයත් විවිධ පුදගලයින් විවිධ කාර්‍යයන් උදෙසා WhatsApp භාවිත කරන හේතුව නිසා.

ඔබ WhatsApp හි Settings > Privacy > Last seen & Online settings වෙත ගිය විට ඔබට මෙම Screen Shot එකෙහි දැකිය හැකි පරිදි විකල්ප දෙකක් යටතේ Online hide කිරීම/නොකිරීම කළ හැකි වනවා. එහි Everyone තුළින් සියලු දෙනාටම පෙන්වන අතර, Same as last seen ලෙසින් සැකසූ විට ඔබගේ Last seen පෙන්වීම / නොපෙන්වීම සකසා ඇති ආකරය මත Online සිටින බව පෙන්වීම / නොපෙන්වීම සිදු වෙනවා.

මේ Screenshot එක iOS WhatsApp App එකෙන් සංවර්ධනය කිරීමේදී ලබා ගෙන ඇති අතර මෙය iOS සඳහා පමණක් නොව Android, Desktop වැනි සියලුම WhatsApp Versions සඳහා ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

Source: WA BetaInfo

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara