WhatsApp පණිවිඩ edit කරන පහසුකමක් නුදුරේදීම ලබා දෙන ලකු​ණු

WhatsApp පණිවිඩ edit කරන පහසුකමක් නුදුරේදීම ලබා දෙන ලකු​ණු

ප්‍රමුඛ පෙළේ Encrypted Messaging Platform එකක් වන WhatsApp, අනෙකුත් Messaging Platforms වෙත අභියෝග එල්ල කරමින් වර්තමානය වන විට WhatsApp වෙත බොහෝ අලුත් පහසුකම් හඳුන්වා දෙමින් සිටිනවා. මේ නව පහසුකම් එකතු කිරීමත් සමඟ WhatsApp පරිශීලකයන්ගේ දැඩි ඉල්ලීම මත Meta සමාගම විසින් WhatsApp හි Messages Edit කිරීමේ පහසුකම හදුන්වා දීමට ඉදිරි Updates හරහා කටයුතු කරන බව WABetaInfo වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඒ අනුව තවමත් සංවර්ධනය වෙමින් පවතින මේ Message Edit කිරිමේ Feature එක පිළිබඳ WabetaInfoහි දක්වා තිබෙන Screenshot එකට අනුව 'Edit Message' ලෙස option එකක් 3 Dot Menu එකෙහි පෙන්නුම් කරනවා. එය WhatsApp Android Version එකෙන් ලබා ගෙන ඇති Screen Shot එකක් වෙන අතර iOS සදහා ද මෙය ලබා දීමට Meta සමාගම විසින් කටයුතු කරනවා නොඅනුමානයි.

පරිශීලකයින්ට ඔවුන්ගේ පණිවිඩය වෙනස් කිරීමට හෝ නිවැරදි කිරීම සදහා දැනට පවතින විකල්ප නම්, පණිවිඩයේ නිවැරදි කල යුතු කොටස නව පණිවිඩයකින් දැක්වීම හෝ පණිවිඩයම Delete කොට නව පණිවිඩයක් යැවීමයි. 'Edit option' එක මඟින් පරිශීලකයින්ට ඔවුන්ගේ Chats සදහා පහසුවක් ඇති විය හැකි බව බොහෝ දෙනා බලාපොරොත්තු වනවා.

WhatsApp Android සහ iOS වල Public Beta Version එක සඳහා මෙම පහසුකම නිකුත් කරන්නේ කවදාද යන්න පිළිබඳ තවමත් නිශ්චිත තොරතුරු ලැබී නැත. එබැවින් මේ පිළිබඳව තවත් තොරතුරු නිකුත් වූ සැනින් Android වැඩකාරයෝ අපි ඔබව දැනුවත් කරන්නම්.

Source: Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna