WhatsApp Beta පරිශීලකයන් සඳහා යැවු පණිවිඩ වෙනස් කිරීමේ හැකියාව ලබා දිමට Meta සමාගම කටයුතු කරයි

මෙම Edit Messages පහසුකම ඔස්සේ ඔබට ඔබ යම් අයෙකුට යැවු හෝ WhatsApp Group එකකට යැවු පණිවිඩයක් වෙනස් කළ හැකි වනවා.

WhatsApp Beta පරිශීලකයන් සඳහා යැවු පණිවිඩ වෙනස් කිරීමේ හැකියාව ලබා දිමට Meta සමාගම කටයුතු කරයි

පසුගිය වස⁣රේදී WhatsApp පණිවිඩ යැවු පසු ඒවා Edit කිරීමේ හැකියාව ලබා දීම සඳහා Meta සමාගම කටයුතු කරමින් සිටින බවට අප ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබු බව Android වැඩකාරයෝ අප සමඟ රැදි සි⁣ටින ඔබට අනිවාර්යයෙන්ම මතක ඇති.

WhatsApp Beta 2.23.10.13 Version එකත් සමඟ Android Beta Version පරිශීලකයන් සඳහා මේ පහසුකම ලබා දෙන්න Meta සමාගම මේ වන විටත් කටයුතු කර ඇති බවට පසුගිය දා WabetaInfo Blog අඩවියි විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

Image Source - WabetaInfo.com

ඒ අනුව මේ පහසුකම මීට පෙර WhatsApp Web Beta පරිශීලකයන්ට පමණක් පළමුව ලැබි තිබෙන අතර මේ වන විට Android Beta පරිශීලකයන් සඳහාත් Beta Version Update එක සමඟ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. මේ Edit Messages පහසුකම ඔස්සේ ඔබට ඔබ යම් අයෙකුට යැවු හෝ WhatsApp Group එකකට යැවු පණිවිඩයක් වෙනස් කළ හැකි වනවා.

මෙලෙස ඔබ යැවු පණිවිඩය වෙනස් කළ හැකි අවස්ථා පිළිබඳව කිසිඳු සීමාවක් නොමැති අතර කෙසේ වුවත් පණිවිඩය සඳහා ඔබ සිදු කරන වෙනස් කිරීම එම පණිවිඩය යවා මිනිත්තු 15 ඇතුළත සිදු කළ යුතු වනවා. ඒ වගේම මෙලෙස පණිවිඩය වෙනස් කළ පසු එම පණිවිඩය වෙනස් ඛල පණිවිඩයක් බවට “edited” යනුවෙන් එය ලබන්නාටද දිස් වෙනු ඇත.

තවමත් මේ පහසුකම WhatsApp Stable Version සඳහා ලබා දෙන දිනයක් පිළිබඳව ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඉදිරි දින කිහිපය තුළ සියලුම Android WhatsApp Beta පරිශීලකයන් සඳහා මේ පහසුකම ලබා ගැනීමට හැකි වනු ඇත.

Sources: Wabetainfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna