Caption එකක් සමඟින් media files forward කිරීමේ පහසුකම නුදුරේදීම WhatsApp වෙ​ත

Caption එකක් සමඟින් media files forward කිරීමේ පහසුකම නුදුරේදීම WhatsApp වෙ​ත

පසුගිය දින කිහිපය තුල WhatsApp සමාජ මාධ්‍ය තුළ නිකුත්කළ නවතම Updates මගින් විශේෂාංග කිහිපයක්ම තම පරිශීලකයන් වෙත ලබා දීමට Meta සමාගම අවධානය යොමු කරන ලදී. ඒ අතර WhatsApp Polling පහසුකම, Group සඳහා Notification Load වීම කළමණාකරණය කිරීමේ හැකියාව මෙන්ම Profile Photos සඳහා Avatar පහසුකම යනාදී විශේෂාංග Android වැඩකාරයෝ වන අප විසින් ඔබ වෙතට ගෙන එන ලැබුවා.

එසේම තවදුරටත් තම පරිශීලකයන් සඳහා නවතම අත්දැකීමක් ලබා දීමේ අරමුණ ඇතිව WhatsApp හි Images, Videos, GIFs සහ Documents යනාදී Media Forward කිරීමේ දී Caption එකක් ඇතුළත් කිරීමට අවස්ථාව සලසා දෙන්න මේ වන විට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මෙම පහසුකම Android පරිශීලකයන් සඳහා 2.22.23.15 Update එක මගිනුත් iOS පරිශීලකයන් සඳහා 22.23.0.72 Update එක මගින් ද මෙම පහසුකම ලබාගත හැකියි.

ඉහත සඳහන් රූප රාමුවේ දැක්වෙන පරිදි පරිශීලකයන් විසින් Media Files Forward කිරීමේ දී ඒ සඳහා Caption එකක් අන්තර්ගත කිරීම සඳහා අවස්ථාව ලබා දෙනු ලැබේ. මෙම පහසුකම ඉතාමත් යෝග්‍ය බවත් එමගින් මෙම යෙදවුම භාවිතා කරන්නන් සඳහා නව අත්දැකීමක් ලබාගත හැකිවන බවත් බොහෝ විචාරකයන් සඳහන් කරනු ලබයි.

කෙසේ නමුත් මෙය සියලුම පරිශීලකයින් සඳහා නිකුත් කර නොමැති නමුත් ඉදිරියේදී මෙම Update එක සියල්ලන් සඳහාම විවෘත වන බව වැඩිදුරටත් සඳහන් වේ. එමෙන්ම WhatsApp Desktop පරිශීලකයින් සඳහා නුදුරේදීම 2.2245.5 Update එක යටතේ මෙම පහසුකම ලබාගත හැකිය.

Sources: wabetainfo.com

Read more

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන

By Anjana Dineth