WhatsApp Web පරිශීලකයන් සඳහාද Beta සංස්කරණයන් ලබා දීමට Meta සමාගම කටයුතු කරයි

Meta සමාගම විසින් දැනටමත් Android, iOS සහ Desktop WhatsApp App සඳහා Beta Version හඳුන්වා දී ඇති අතර එම Beta Version සඳහා එකතු විමේ හැකියාව ද ලබා දී තිබෙනවා අතරම දැන් WhatsApp Web සඳහාත් Beta Versions ලබා දීම ආරම්භ කර තිබෙනවා.

WhatsApp Web පරිශීලකයන් සඳහාද Beta සංස්කරණයන් ලබා දීමට Meta සමාගම කටයුතු කරයි

WhatsApp සඳහා Meta සමාගම විසින් හඳුන්වා දෙන නවතම විශේෂාංග පළමුව WhatsApp Beta Version සඳහා හදුන්වා දෙනු ලබනවා. ඒ අනුව ඔවුන් විසින් දැනටමත් Android, iOS සහ Desktop WhatsApp App සඳහා Beta Version හඳුන්වා දී ඇති අතර එම Beta Version සඳහා එකතු විමේ හැකියාව ද ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් විසින් WhatsApp Web සඳහා මෙලෙස Beta Version එකක් මෙතෙක් හඳුන්වා දී නොතිබු අතර පසුගිය සතියේදී නිල වශයෙන්ම WhatsApp Web සඳහාත් Beta සංස්කරණයක් හඳුන්වා දෙන්න කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මේ වන විටත් WhatsApp Web පරිශීලකයන් සඳහා ⁣WhatsApp Web Beta සංස්කරණය සඳහා එකතු විමේ හැකියාව WhatsApp Web App එක ඔස්සේම ලබා දී තිබෙනවා.

Image Source - Wabetainfo.com

WhatsApp Web Beta සඳහා එකතු වීම Settings > Help යටතේ ඇති Join the Beta ඔස්සේ ඔබට පහසුවෙන් සිදු කළ හැකි වනවා.

මෙලෙස WhatsApp Web Beta සංස්කරණය ද ලබා දීම ඇරඹීමත් සමඟ පසුගිය දා Android Beta පරිශීලකයන් සඳහා ලබා දීම ආරම්භ කළ 'යැවු පණිවිඩ වෙනස් කිරීමේ හැකියාව' පළමුව WhatsApp Web Beta සංස්කරණය සඳහා ලබා දුන් බවත් අප එම අවස්ථාවේදීම ඔබ වෙත මතක් කරනු ලැබුවා.

Sources: Wabetainfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna