WhatsApp beta වෙත ලබා දී ඇති වීඩියෝ හුවමාරු කරගැනීමට පෙර එම වීඩියෝ වල sound mute කිරීමේ හැකියාව නුදුරේම සියල්ලන්ටම!

WhatsApp beta වෙත ලබා දී ඇති වීඩියෝ හුවමාරු කරගැනීමට පෙර එම වීඩියෝ වල sound mute කිරීමේ හැකියාව නුදුරේම සියල්ලන්ටම!

Facebook සමාගම විසින් WhatsApp වෙත හදුන්වා දිමට කටයුතු කල නව Privacy Policy එක සමග ඒ වෙත WhatsApp Userලාගෙන් එල්ල වු විරෝධයත් සමග එහි  අවසන් දිනය මැයි මස 15 දක්වා දිගු කිරිමට කටයුතු කරනු ලැබුවා.

මිට අමතරව WhatsApp හි User Privacy & Experience වැඩි දියුණු කිරිමට ඔවුන් සැම විටම ක්‍රියාත්මක වෙමින් සිටිනවා. ඒ අනුව ඔවුන් විසින් පසුගිය කාලයේදි WhatsApp වෙත Storage Management Tool Feature එක, Disappearing Messages Feature එක වගේම WhatsApp Business සඳහා Shopping Button එකකුත් හදුන්වා දෙන්න කටයුතු කරනු ලැබුවා. ඒ අනුව මේ වන විට WhatsApp Beta Testersලා සදහා Mute Video Option එක හදුන්වා දෙන්න කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දැන් Video Clip එකක් Send කිරිමට පෙර අවශ්‍ය නම් එහි Sound එක Mute කර යැවිමේ හැකියාව පවතිනවා. Video එක Send කිරිමට පෙර ලැබෙන Edit Menu එකේ පවතින 'Volume Icon' එක මගින් සිදු කල හැකි වෙනවා.

WhatsApp Beta Version එක සදහා පමණක් දැනට නිකුත් කර ඇති මේ Option එක ඉදිරියේදි WhatsApp Stable Version එක වෙතත් ලබා දෙනු ඇත.

Source : Wabetainfo, Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna