WhatsApp Business සඳහා Shopping Button එකක් හදුන්වා දීමට කටයුතු කරයි

WhatsApp Business සඳහා Shopping Button එකක් හදුන්වා දීමට කටයුතු කරයි

WhatsApp Business කියන්නේ දිනකට Messages මිලියන 175කට වඩා හුවමාරු වෙන Business Messaging Platform එකක් වෙනවා. ඒ වගේම මාසයදි මිලියන 40කට වැඩි Catalog View ප්‍රමාණයක් සිදු වෙනවා. මේ Catalog View එක පහසුවෙන් ලබා ගැනිමට පසුගිය දිනක WhatsApp Business App එක වෙත නව Shopping Button එකක් හදුන්වා දෙන්න ඔවුන් කටයුතු කරා.

මේ අලුත් Button එක මගින් අවශ්‍ය වෙළදනාමය යටතේ ඇති භාණ්ඩ හා නිෂ්පාදනවල Catalog එක ඔවුන්ගේ වෙබ්අඩවි වලට පිවිසිමෙන් තොරව ඔවුන්ගේ Business Profile එක තුලින්ම බලා ගැනිමට හැකියාව ලැබෙනවා. මේ අලුත් Button එක මිට පෙර Video Call Button එක තිබු තැනට Replace කර තිබෙනවා. මේ අලුත් Shopping Button එක නිසා ඒ ඒ Brands වල සේවා හා නිෂ්පාදන තොරතුරු ලබා ගැනිම ඉතා පහසු වෙනවා.

මේ වන විට මේ අලුත් Shopping Button එක සැම WhatsApp Business User කෙනෙක්ටම වගේ භාවිත කරන්න පුළුවන්. තවමත් මේ Feature එක ලැබි නොමැති නම් ඔබ අනි එය ලබා ගැනිමට WhatsApp Business App එක Update කල යුතු වෙනවා. Shopping Button එක මගින් Video Call Button එක Replace වුන නිසා දැන් මේ Video Call Button එක Voice Call Button එක සමගින් බලා ගන්න පුළුවන්. Call එකක් ගැනිමේ දි දැන් Call Button එක තුලින් Voice ද Video ද යන්න තොරාගත හැකි වෙනවා.

Sources : Wersm

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna