WhatsAppහි පරිශීලක අත්දැකීම වැඩි දියුණු කිරීම සඳහා ඉවහල් වන විශේෂාංග කිහිපයක් හඳුන්වා දෙයි

WhatsAppහි පරිශීලක අත්දැකීම වැඩි දියුණු කිරීම සඳහා ඉවහල් වන විශේෂාංග කිහිපයක් හඳුන්වා දෙයි

ඔබට මතක ඇති පසුගිය සතියේදී Meta සමාගම විසින් WhatsAp Status සදහා නව විශේෂාංග 05ක් හදුන්වා දීමට කටයුතු කළ බවට අප ඔබ වෙත වාර්තා කරනු ලැබුවා. ඒ වගේම ඔවුන් විසින් මීට පෙර ලබා දී තිබුණ තවත් පහසුකම් කිහිපයක් වැඩි දියුණු කිරිමටත් කටයුතු කර තිබෙන අතර එම වැඩි දියුණු කිරීම්ද සහිතව නව සංස්කරණයක් ද සියලු Android සහ iOS පරිශීලකයන් වෙතත් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස හදුන්වා දී තිබෙන්නේ WhatsApp හි User Experience එක වැඩි කිරිම සදහා ඉවහල් වන වැඩි දියුණු කිරීම් බවයි ඔවුන් දක්වා තිබෙන්නේ.

WhatsApp Changelog

01. Document Caption

Source: malavida.com

මේ ඔස්සේ ඔබ WhatsApp හරහා හුවමාරු කර ගන්නා Files / Documents සදහා ඔබට Caption එකක් එනම් විස්තරයක් යෙදිය හැකි වනවා.

02. Longer group subjects & Descriptions

Source: wabetainfo.com

මේ ඔස්සේ ඔබ විසින් නිර්මාණය කරන ලද Groupsවල Subject එකට සහ Description එකේ යෙදිය හැකි වචන ප්‍රමාණය පෙරට වඩා වැඩි කිරිමට කටයුතු කර තිබෙනවා.

03. Share up to 100 Media

Source: thgim.com

මේ මගින් ඔබට එකවර Images හෝ Videos 100ක් දක්වා ඔබගේ මිතුරන් සමග බෙදා ගැනිමේ හැකියාව ලැබෙනවා.

04. Create Personalized Avatars

Source: beebom.com

ඔබට මතක ඇති මීට පෙරත් WhatsApp Profile Picture එක සදහා Avatars භාවිත කිරිමේ හැකියාව ලබා දි තිබෙන බව අප ඔබ වෙත වාර්තා කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී Beta Version සදහා පමණක් සීමා වු මෙම පහසුකම මේ වන විට WhatsApp Stable Version එක සදහාත් එකතු කර තිබෙනවා.

මෙම සියලු වැඩි දියුණු කිරිම් මීට පෙර WhatsApp Beta Versions මගින් නිකුත් වු අතර මේ වන විට WhatsApp Stable Version එක සදහා නිල වශයෙන් එක් කර ඇති බවට Play Store හි WhatsApp Changelog එක මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙම වැඩි දියුණු කිරිම් සියල්ලම නවතම Android සහ iOS සංස්කරණයන් ඔස්සේ ඔබට ලබා ගත හැකි වනවා.

Source: wabetainfo.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara