WhatsApp desktop app එක සඳහා audio සහ video ඇමතුම් ලබා ගැනීමේ පහසුකම නිල වශයෙන් ලබා දීමට කටයුතු කරයි

WhatsApp desktop app එක සඳහා audio සහ video ඇමතුම් ලබා ගැනීමේ පහසුකම නිල වශයෙන් ලබා දීමට කටයුතු කරයි

ඔබට මතක ඇති මිට සති කිහිපයකට පෙර WhatsApp Web හා PC Beta පරිශීලකයින්ට Audio Calls හා Video calls පහසුකම් ලබා දීමට කටයුතු කල බවට අපි ලිපියක් ගෙන ආවා. ඒ අනුව WhatsApp Web හා PC සදහා දැන් එම පහසුකම නිල වශයෙන් ලබා දිමට කටයුතු කර තිබෙන අතර එය ඔවුන්ගේ නිල WhatsApp Twitter ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දැනට Private Voice Calls හා Video Calls පහසුකම පමණක් WhatsApp Web හා PC වෙත ලබා දී ඇති අතර ඉදිරියේදි Group Voice & Video Calls පහසුකමත් ලබා දිමට බලාපොරොත්තු වෙන බව WhatsApp Blog අඩවිය මගින් දක්වා තිබෙනවා.

WhatsApp Web හා PC මගින් ලබා ගන්නා Voice හෝ Video Calls ආදියත් End-to-end Encrypt කර තිබෙන අතර ඒ සදහා වෙනත් පාර්ශවයකට ඇහුම්කන් දිය නොහැකි බව ඔවුන් වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මේ Update එකත් සමග පරිශිලකයින්ට ඔවුන්ගේ Screen එකේ Orientation එක Portrait හෝ Landscape ලෙස සකසා ගත හැකි වෙන අතරම Video Turn On හෝ Off කිරිමේ Option එක මෙන්ම Microphone එක Mute කිරිමේ Option එකත් ලබා දි තිබෙනවා. මේ මගින් WhatsApp Mobile App එකෙන් ගන්නා අත්දැකීමට සමාන අත්දැකීමක් WhatsApp Web හා PC පරිශිලකයිටත් ලබා ගැනිමට හැකි වෙනු ඇත.

Source : Xda Developers, WhatsApp Blog

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara