WhatsApp හරහා හුවමාරු කරගන්​නා file size limit එක 2GB දක්වා ඉහළට, Group limit එක 512​යි

WhatsApp හරහා හුවමාරු කරගන්​නා file size limit එක 2GB දක්වා ඉහළට, Group limit එක 512​යි

ප්‍රමුඛ පෙළේ Encrypted Messaging Platform එකක් වන WhatsApp, අනෙකුත් Messaging Platforms වෙත අභියෝග එල්ල කරමින් මේ වෙන විට අලුත් පහසුකම් රැසක් හදුන්වා දෙමින් සිටිනවා.

ඒ අනුව පසුගිය සති කිහිපය තුල WhatsApp පණිවිඩ Edit කළ හැකි ආකාරයේ පහසුකමක්, WhatsApp status සඳහා වන Replies හදුනාගැනීමට නව සලකුණක්, WhatsApp status වල Link Share කිරීමේදී previews ලබා දීම ආදි අලුත් පහසුකම් පිළිබඳ අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා. එමෙන්ම ඔවුන් WhatsApp ගිණුමේ ආරක්ෂාව ඉහළ දැමීම සදහා අමතර Verification Code එකකුත් හදුන්වා දීමට සුදානම් බවත් අප වාර්තා කරනු ලැබුවා.

මෙලෙස නව පහසුකම් හදුන්වා දීමට අමතරව මේ වෙන විට WhatsApp සදහා ලබා දී ඇති පහසුකම් වැඩි දියුණු කිරිමටත් ඔවුන් කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ඔවුන් විසින් WhatsApp හරහා හුවමාරු කර ගත හැකි Media Files වල Size එක 2GB දක්වා ඉහළ දැමීමට ක්‍රියා කර තිබෙනවා.

ඒ වගේම WhatsApp Group සදහා එක් කර ගත හැකි සමාජිකයින් ප්‍රමාණය 512 දක්වාත් ඉහළ දැමිමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස හුවමාරු කර ගත හැකි Media Files Size එක 2GB දක්වා ඉහළ දැමිම හා Group එකකට එක් කර ගත හැකි සමාජිකයින් ගණන 512 දක්වා ඉහළ දැමිම මේ වෙන විටත් ලොව පුරා WhatsApp භාවිත කරන Android, iOS හා Desktop පරිශීලකයන් සදහා ලබා දී තිබෙනවා.

Source: WaBetaInfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna