Google Maps වල තොරතුරු update කරන Google Local Guides

Google Maps වල තොරතුරු update කරන Google Local Guides

වර්තමානයේ අපිට කොහේ හරි තැනක විස්තර දැනගන්න අවශ්‍ය උනාම අපි කරන්නේ google maps හරහා ඒ ස්ථානය අපි හොයලා බලන එක. ඉතින් මෙතනදී අපිට ඒ අදාල ස්ථානයේ සියලුම විස්තර ලබාගන්නත් පුලුවන් වෙනවා. සියලුම විස්තර කියන්නෙ ඒ අදාල ස්ථානයේ website එක, telephone number එක, open hours වගේ දේවල්. ඉතින් මේවා කොහොමද Google map එකේ update වෙන්නෙ කියන ප්‍රශ්නය කාට හරි එනවා නම් ඒකට උත්තරේ තමයි Google local guides.

Google local guides කියන්නෙත් Google Crowdsource වගේම Google සමාගම විසින් එයාලගේ maps platform එක වැඩිදියුණු කරන්න නිර්මාණය කරපු වැඩසටහනක්. ඉතින් මේකෙත් කරන්න තියෙනේ අපි යන යන තැන් වල තොරතුරු google map එකේ update කරන එක.

කොහොමද මේක කරන්නේ?

ඉස්සර වෙලාම අපි Google maps app එක open කරගන්න ඕනේ. ඊටපස්සේ වම් පැත්තේ තියෙන menu bar එකේ තියෙන “Your contributions” කියන option එකට යන්න ඕනේ.

ඉතින් මේතනදි අපිට බලාගන්න පුලුවන් දේවල් කීපයක් තියෙනවා,

  • අපේ local guides level එක
  • අපේ contributions ගාන
  • අපි එක එක තැන් ගැන කරලා තියෙන reviews වගේ දේවල් කීපයක් අපිට මෙතනදි බලාගන්න පුලුවන් වෙනවා.

ඒ වගේම තමා අපිට google maps වල add වෙලා නැති ස්ථානත් add කරන්න පුලුවන් “add a missing place” කියන option එක හරහා.

ඇයි Local Guides භාවිතා කළයුත්තේ සහ ඉන් අපිට ලැබෙන වාසි

ඇත්තටම මේක google crowdsource වගේම volunteer program එකක්. ඉතින් මේකෙන් අපිට අමතර වාසි නම් මුකුත් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් crowdsource වල සිංහල භාෂාව උඩට ගන්න අපි contribute කරනවා වගේම තමා maps වලත් අපි අපේ ලංකාවේ තැන් local guides වලට contribute කරලා මේ cyber world එකේ ලංකාව කැපී පේන රටක් බවට පත් කරන්න ඕනේ!

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara