Git වල Branching සහ Merging කියන්නේ මොකද්ද?

මෙම පාඩම හරහා Git වල Branching සහ Merging පිළිබද හොද අවබෝධයක් ලබාගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

Git වල Branching සහ Merging කියන්නේ මොකද්ද?

Git සහ Github තුන්වන පාඩමට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයා පසුගිය පාඩම් කියවූයේ නැතිනම් ඒවා මුලින් කියවා අවසන් කර මෙම කොටසට පැමිණෙන්න.

Git Repository එකක් හදලා files add කරන්නේ මෙහෙමයි
Git සහ GitHub දෙවෙනි පාඩමට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයා පළවෙනි පාඩම කියවූයේ නැතිනම් ඒක මුලින් කියවල එන්න. Git සහ GitHub ගැන මුල සිට ඉගෙනගමුමෙම ලිපි මාලාව හරහා Git සහ GitHub කියන්නෙ මොනවද සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබදව ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එහි පළමු ලිපිය විදියට Version Control, Git සහ GitHub…

මෙම පාඩම හරහා Git වල Branching සහ Merging පිළිබද හොද අවබෝධයක් ලබාගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.


Git Branching සහ Merging හරහා New Features හෝ Bug Fixing වල Development කරන අවස්ථාවන්හිදී Main Codebase එකට හානියක් හෝ බලපෑමක් සිදුනොවන ආකාරයෙන් වැඩකිරීමට අවස්ථාව ලැබෙනවා. ඉන්පසු එම Branch එක Main Branch එකට Merge කිරීමට හැකියාව පවතිනවා. මෙම Feature එක Developer කෙනෙක්ට ඉතාම ප්‍රයෝජවත් Feature එකක් වෙනවා. දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල. මෙහිදී මම පෙර පාඩම අවසන් කළ ස්ථානයෙන්ම Terminal එක ආරම්භ කරනවා.

  1. මුලින්ම ඔයා Repository එකක් Initialise කරාට පස්සෙ Automatically ම Master Branch එකක් Create වෙනවා. මෙන්න මේ Master Branch එක තුළ අපේ Main Codebase එක එහෙමත් නැත්තම් අපේ Project එකේ Stable Version එක අඩන්ගු වෙනවා. දැන් අපි New-Feature නමින් අලුත් Branch එකක් හදල බලමු. ඒකට අපි git branch New-Feature Command එක භාවිතා කරන අතර New-Feature වෙනුවට ඔයාට කැමති Name එකක් දෙන්න හැකියාව තිබෙනවා.

2. අලුතෙන් Branch එකක් හැදුවත් තාම ඔයා ඉන්නෙ Master Branch එක අතුලෙ. අලුතෙන් හදපු Branch එකට Switch වෙන්න git checkout new-feature Command එක අවශ්‍ය වෙනවා.

දැන් ඔයා මෙතන ඉදන් සිදුකරන සියලුම Changes Save වෙන්නෙ මෙන්න මේ Branch එකටයි. git checkout -b new-feature මෙන්න මේ Command එක භාවිතා කරල Creating සහ Switching දෙකම එකපාර කරන්න හැකියාව තියෙනවා.

3. දැන් අපි කලින් හදපු Text File එකෙත් පොඩි වෙනසක් කරල තවත් Text File එකක් අලුතෙන් Add කරල Commit කරල ඒවා අපේ Master Branch එකට Merge කරන්නෙ කොහොමද කියල Next Step එකේදි බලමු.

4. මුලින්ම ඔයා git checkout master command එක භාවිතා කරල ආයෙම master branch එකට switch වෙන්න. දැන් git merge new-feature command එක භාවිතා කරල master branch එකට merge කරගන්න පුලුවන්.

මීළග කොටසින් හමුවෙමු.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara