ඔබ විසින් සමාජ මාධ්‍යජාලාවන්හි Apps භාවිතා කිරීමේදී පරිසරයට මුදා හැරෙ​න කාබන් ප්‍රමාණය ගණනය කිරීමට ක්‍රමයක් හදුන්වා ​දේ

ඔබ විසින් සමාජ මාධ්‍යජාලාවන්හි Apps භාවිතා කිරීමේදී පරිසරයට මුදා හැරෙ​න කාබන් ප්‍රමාණය ගණනය කිරීමට ක්‍රමයක් හදුන්වා ​දේ

ඔයාලා පැය ගණනක් සමාජ මාධ්‍ය භාවිතා කරන විට කොතරම් කාබන් ප්‍රමාණයක් පරිසරයට මුදාහැරෙනවා ද කියන එක ඔයාලා දන්නවාද? මේ සිදුවන කාබන් මුදාහැරීමට අහල කොහොම නම් පෞද්ගලිකව දායක වනවාද කියන එක ගැන කල්පනා කරලා තියෙනවද?

ඉතින් මේ පෞද්ගලික carbon footprint එක ගණනය කර ගැනීමට එක්සත් රාජධානිය මූලික කරගෙන නිර්මාණය වුණු වෙබ් අඩවියක් දැන් තියෙනවා. අපි බලමු ඒ ගණනය කිරීම ඒ වෙබ් අඩවිය හරහා සිදු කර ගන්නේ කොහොමද කියලා.

මුලින්ම කරන්න තියෙන්නේ compare the market website හි තියෙන carbon footprint calculator එකට යන එක. මේ වෙබ් සයිට් එකට මුලින්ම ගියාම මට බලාගන්න පුළුවන් මේ carbon footprint එකට වැඩියෙන්ම දායක වෙන social media platforms තුන මොනවද කියලා.

ඒ අතරින් පළමු ස්ථානයේ සිටින්නේ tik tok වන අතර ඔබ මිනිත්තුවක කාලයක් භාවිතයට ගන්නා විට කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 2.63ක් පරිසරයට මුදා හැරෙනවා. මේ විදිහටම විදිහටම දෙවැනි ස්ථානයේ ඉන්නෙ reddit; එහිදී කාබන්ඩයොක්සයිඩ් ග්‍රෑම් 2.48 මිනිත්තුවට මුදාහැරෙන අතර තෙවන ස්ථානයේ සිටින printerest හරහා මිනිත්තුවට ග්‍රෑම් 1.3ක්  බැගින් මුදාහැරේ.

ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇති ඔයා සෝෂල් මීඩියා භාවිතා කිරීම නිසා පරිසරයට එකතු වන කාබන් ප්‍රමාණය ගන්නෙ වෙන්නේ ඔයා ශෝශල් මීඩියා පාවිච්චි කරන කාලයෙන් කියලා.ඉතින් ඔයාට මේක ගණනය කරගන්න කරන්න තියෙන්නේ වෙබ් සයිට් එකේ අදාල platforms යටතේ ඒ සඳහා ඔයා දවසකට වැය කරන කාලය යොදලා calculate බට්න් එක ඔබන්න විතරයි.

දැන් ඔයාලට ඔයාලගේ පෞද්ගලික carbon footprint වාර්තාව ලබා ගන්න පුළුවන්. මෙහි රිපෝට් එකෙන් ඔයාට බලාගන්න පුුළුවන් ඔයා ඒ platform එක හරහා අවුරුද්දකට කොච්චර කාබන් ප්‍රමාණයක් පරිසරයට එකතු කරනවද සහ ඔයා පාවිච්චි කරන platforms සියල්ල හරහා පරිසරයට එකතු කරන කාබන් ප්‍රමාණය කොච්චර කියන එකත්.

මේ social media platforms භාවිතය අවම කිරීම තුළින් අපේ වටිනා කාලය ඉතුරු කරගන්න පුලුවන් වෙනවා වගේම පරිසරය ආරක්ෂා කර ගන්නත් ඔයාට දායක වෙන්න පුළුවන් බව මෙවැනි වෙබ් අඩවි දැන් පෙන්වා දෙනවා.

Source: Beebom

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna