Redmi Note 9 Pro ජංගම දුරකතනයක් ගිනි ගනී; එය තමන්ගේ වරදක් නොවේයැයි Xiaomi සමාගම ප්‍රකාශ කරයි

Redmi Note 9 Pro ජංගම දුරකතනයක් ගිනි ගනී; එය තමන්ගේ වරදක් නොවේයැයි Xiaomi සමාගම ප්‍රකාශ කරයි

මේ දිනවල වැඩි වශයෙන් Smartphone ගිණිගැනිම්, පිපිරිම් ආදිය වාර්තා වෙමින් තිබෙනවා.

ඒ අනුව ඔබට මතක ඇති අපි මිට පෙර iphone X Smartphone එකක් පුපුරා යාමේ සිදුවිමක්, iPhone Charger එකක් නිසා තරැණියක් පිලිස්සුම් තුවාල ලැබිමක්, Samsung Smartphone එකක් බැගයක් තුල පුපුරා යාමේ සිදු විමක් මෙන්ම POCO X3 Smartphone එකක් පුපුරා යාමේ සිද්ධියක් පිළිබඳව අපි තොරතුරු වාර්තා කරනු ලැබුවා.

මේ සිදුවිම්වල මීළඟ සිදුවිම ලෙස පසුගිය දිනක ඉන්දියාවේ දි Xiaomi Smartphone එකක් ගිණිගැනිමක් පිළිබඳව අන්තර්ජාලය තුල තොරතුරු වාර්තා වි තිබෙනවා. මේ සිදුවිමට මුලික වි තිබෙන්නේ Xiaomi Redmi Note 9 Pro Smartphone එකක්. Redmi සමාගමේ මේ Note 9 Series එක කියන්නේ මේ වෙන විටත් වෙළඳපොල තුල ඉතා ජනප්‍රිය Smartphone එකක් විදිහට හදුන්වා දෙන්න පුලුවන්.

කෙසේ වෙතත් මේ සිදුවිමට මුහුණ දි ඇත්තේ ඉන්දියානු ජාතික තරුණයෙකුයි. මේ තරුණයාට ඔහුගේ සහෝදරිය විසින් මේ දුරකථන පසුගිය වසරේ දෙසැම්බර් මස මිලදි ගෙන ඇති අතර පසුගිය 28 වෙනි දින Smartphone එකේ ඇති වු ගිණිගැනිම නිසා මේ තරුණයා විසින් ඔහුගේ Smartphone එක වතුරට විසිකර තිබෙනවා. එම නිසා ඔහු කිසිදු තුවාලයක් නොමැතිව බේරි තිබෙනවා.

මේ සිදුවිම දැන ගැනිමෙන් අනතුරුව මේ තරුණයාගේ සහොදරිය වෙන Priyanka Pavra විසින් ඇයගේ Twitter ගිණුම ඔස්සේ මේ සිදුවිම පිළිබඳව පල කර ඇති අතර ඒ සටහන මගින් Xiaomi ආයතනය දැනුම්වත් කිරිමටත් කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව සොයා බැලිමෙන් පසුව Xiaomi සමාගම විසින් ඇයගේ Twitter සටහනට ප්‍රතිචාර දක්වා තිබෙන අතර ඔවුන් විසින් මේ පිළිබඳව වැඩිදුර සහය වෙන බවත් දක්වා තිබෙනවා.

Xiaomi සමාගම විසින් මේ වෙන විටත් මේ සිදුවිම පිළිබඳව විමර්ශන අරඹා ඇති අතර ඔවුන් විසින් පවසා තිබුණේ මෙම සිදුවිමට Smartphone එක මත ඇති වු බාහිර බලපැමක් හේතු වි ඇති බවයි.

Source : India Today, Priyanka Pavra

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara