POCO X3 මාදිලියේ ජංගම දුරකතනයක් charge කරන අතරවාරයේදී පුපුරා යයි

POCO X3 මාදිලියේ ජංගම දුරකතනයක් charge කරන අතරවාරයේදී පුපුරා යයි

‌‌‌‌‌‌‌‌ජංගම දුරකථන පිපිරිම්, ගිණි ගැනිම් හා ඒවාගේ උපාංග නිසා සිදුවෙන හානි විම පිළිබඳව වාර්තා විම් ඉතා සුළු වශයෙන් සිදු වුවත් මේ දිනවල එවැනි තොරතුරු වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතිනවා.

ඔබට මතක ඇති ඊයේ අපි ඔබට Samsung Smart Phone එකක් බැගයක් තුල පුපුරා යාමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු ගෙන එනු ලැබුවා. ඒ වගේම මිට පෙර ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ සාක්කුවේ තිබියදී iPhone X එකක් පුපුරා යාම හා iPhone charger එකක් ගිනි ගැනීම නිසා තරුණියක් පිළිස්සුම් තුවාල ලැබිම් ආදි සිදු විම්ද අපි ඔබ වෙත වාර්තා කරනු ලැබුවා.

අන්තර්ජාලයේ පළවෙන තොරතුරුවලට ඉන්දියානු ජාතිකයෙකු සතු වු POCO Smart Phone එකක් පසුගිය දිනක ගිණි ගැනිමකට ලක්ව තිබෙනවා. POCO X3 Smart Phone එකක් එය ආරෝපණය කරන අතර තුරදි ගිණි ගැනිමට ලක්ව තිබෙනවා. මේ ගිණි ගැනිම නිසා එම POCO Device එක පිපිරිමටත් ලක් වි තිබෙනවා බව වාර්තා වෙනවා.

ඉන්දියානු ජාතිකයෙකු සතු වෙන මේ POCO X3 Device ඔහු විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදි පමණ මිලට ගෙන ඇති අතර පසුගිය 13 වෙන දින ආරෝපණය විම සදහා තබා ඇති විට දි මෙලෙස ගිණි ගැනිමට ලක්ව තිබෙනවා. මේ ගිණි ගැනිම නිසා Battery එක පිපිරිමට ලක් වි තිබෙන අතර Device එකේ Display එක බිදි ගොස් තිබෙන අතරම Device එකේ පසුපසටත් දැඩිසේ හානි වි තිබෙනවා. හිමිකරැගේ වාසනාවකට මෙන් ඒ අවස්ථාවේදි ඔහු ඒ අසල නොසිටි නිසා ඔහුට කිසිදු හානියක් සිදු වි නැහැ.

POCO සමාගම විසින් ද මේ වෙන විට මේ ගැටලුට මුහුණ දුන් පුද්ගලයා සම්බන්ධ කරගෙන ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා. මුලික විමර්ශනවලට අනුව POCO සමාගම විසින් දක්වා තිබෙන්නේ මෙලෙස එම Device එක ආරෝපණය අතරතුර පුපුරා යාමට බාහිර සාධක බලපා ඇති බවයි. කෙසේ වෙතත් එහි හිමිකරු එම අදහස ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු විසින් දක්වා තිබෙන්නේ Device එක ආරෝපණය අතරතුර ඇති වෙන උෂ්ණත්වය පාලනය කර ගැනිමට නොහැකි විම නිසා මෙලෙස පිපිරිමට ලක් වු බවයි.

Source : GizChina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna