SpaceX සමාගම Dragon crew ship එක භාවිතා කරමින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් දියත් කරයි
![SpaceX සමාගම Dragon crew ship එක භාවිතා කරමින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් දියත් කරයි](/content/images/size/w1200/2021/04/US-Dragon-crewship-launches-to-space-station.jpg)
SpaceX සමාගම විසින් International Space Station එකට ගගනගාමින් දියත් කළ තෙවන අවස්ථාව මෙය වන අතරම Crew Dragon Capsule එක යොදාගනිමින් මිනිසුන් අභ්‍යාවකාශ ගත කළ ප්‍රථම අවස්තාවද මෙයයි. මෙහි Lift-Off එක සිදුවුනේ ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පස්වරු 3.19 පමණ ෆ්ලොරීඩා ප්‍රාන්තයේදීය. එම Lift-Off එකෙහි NASA හි twitter ගිණුමේ පළකල වීඩියෝව පහතින් දැක්වේ.
3.. 2.. 1.. and liftoff! Endeavour launches once again. Four astronauts from three countries on Crew-2, now making their way to the one and only @Space_Station: pic.twitter.com/WDAl8g7bUK
— NASA (@NASA) April 23, 2021
මෙහිදී පිටත්ව ගිය කණ්ඩායම ගගනගාමීන් හතර දෙනෙකුගෙන් සමන්විත වුණා. එනම්, ඇමෙරිකානු ජාතිකයන් දෙදෙනෙක් වන Shane Kimbrough සහ Megan McArthur, ප්‍රංශ ජාතිකයෙකු වන Thomas Pesquet සහ ජපන් ජාතිකයෙකු වන Akihiko Hoshide යන අයයි. Thomas Pesquet විසින් තම twitter ගිණුමේ ගමනට පෙර මෙම කණ්ඩායම එක්ව ලබාගත් ඡායාරූපයක් පහතින් දැක්වේ.
The calm before the storm L-1 #Crew2 @NASAKennedy pic.twitter.com/bp6z2zTBNl
— Thomas Pesquet (@Thom_astro) April 22, 2021
ඔවුන් සෙනසුරාදා දින International Space Station එක වෙත පැමිණි පසු ඔවුනගේ මාස 6 ක රාජකාරි කටයුතු වල නියැලීම ආරම්භ කරනු ඇත. ඉන් පසු ගිය නොවැම්බර් මාසයේ පිටත් වුණු Mike Hopkins, Victor Glover, Soichi Noguchi සහ Shannon Walker යන අයගෙන් සමන්විත Crew-1 එක ලබන සතිය පමණ වන විට නැවත තමන්ගේ නිවෙස් වෙත පැමිණෙනු ඇත.
මේ සදාහා යොද ගෙන තිබුණේ Falcon 9 Rocket එකක් සහ Crew Dragon Capsule එකක්. මෙම Capsule එක ගිය වසරේ මැයි මස සිදු කළ Demo-2 mission එක සදහා භාවිතයට ගනු ලැබූ Capsule එකමයි. එම Crew Dragon Capsule එක පෙර රාජකාරියේ නියැලුණු Crew-1 එක රැගෙන නැවත පැමිණේ.
Source: BBC