2021 අප්‍රේල් වන විට ශ්‍රී ලංකාවට Unlimited Internet Packages ලබා දිය හැකි වනු ඇතැයි TRCSL විසින් නිල වශයෙන් ප්‍රකාශ කරයි

මේ වසරේ අප්‍රේල් මාසය වෙන මහජනතාවට ඔවුන්ගේ ජංගම දුරකථන සේවා ආයතන මගින් මේ Unlimited Internet Packages ලබා ගැනිමට හැකි වෙනු ඇති බව TRCSL අපේක්ෂා කරනවා

2021 අප්‍රේල් වන විට ශ්‍රී ලංකාවට Unlimited Internet Packages ලබා දිය හැකි වනු ඇතැයි TRCSL විසින් නිල වශයෙන් ප්‍රකාශ කරයි

ඊයේ දිනයේදි අපි පාකිස්ථානයේ සහය ඇතුව Number portability පහසුකම ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දිමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව බලාපොරොත්තුවෙන පසු වෙන බවට තොරතුරු ඔබ වෙත ගෙනා ආවා.

පසුගිය මාර්තු 01 වෙනදා වෙන විට ශ්‍රී ලංකාව සදහා හදුන්වා දිමට හැකි Unlimited Internet Packages පිළිබඳ විස්තර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දෙන මෙන් ඔවුන් ලංකාව තුල සේවා සපයන සියලු ජංගම දුරකථන සේවා ආයතන වෙත දැනුම් දි තිබුණු අතර ඔවුන් විසින් මේ වෙන විටත් මහජනතාව වෙත ලබා දිමට හැකි විවිධ Unlimited Internet Packages පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දි තිබෙනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඔවුන්ගේ නිල Facebook පිටුව මගින් පළකල ප්‍රකාශයට අනුව මේ වෙන විට ඔවුන් විසින් ජංගම දුරකථන සේවා ආයතන ඉදිරිපත් කරන ලද Unlimited Internet Packages පිළිබඳව අධ්‍යනය කරමින් සිටින අතරම එම Packages සදහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දෙමින් සිටින බවට දක්වා තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වා ඇත්තේ මේ වසරේ අප්‍රේල් මාසය වෙන මහජනතාවට ඔවුන්ගේ ජංගම දුරකථන සේවා ආයතන මගින් මේ Unlimited Internet Packages ලබා ගැනිමට හැකි වෙනු ඇති බවයි.

ඒ වගේම ඔබට මතක ඇති පසුගිය දිනවල අපි වාර්තා කරනු ලැබුවා රටවල් 85ක් අතුරින් ලොව වඩාත්ම දියුණම ඩිජිටල් පහසුකම් ඇති 83 වෙන රට ලෙස ද, සයිබර් ආරක්ෂණ විධිවිධාන සැකසිම හා ඩිජිටල් දත්ත ආරක්ෂණ දත්ත සම්පාදනය කිරිම යන කාරණා යටතේ 84 වෙනි රට ලෙස ද, වේගවත් හා වඩාත් ස්ථාවර බවින් යුතුව අන්තර්ජාල සේවා සපයන රටවල් අතුරින් ශ්‍රී ලංකාව 76 වෙන ස්ථානයද Digital Quality of Life Index 2020හි ශ්‍රේණිගත කිරිම් හි හිමිකර ගත් බව.

මේ වෙන විට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා තුල අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු කිරිමට ආරම්භ කර ඇති ක්‍රියාමාර්ග නිසා ඉදිරියේදි අපිට මේ ශ්‍රේණිගත කිරිම්වල ඉදිරියට පැමිණිමට අවස්ථාව හිමි වෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Telecommunications Regulatory Commission of Sri Lanka

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara