Twitter Vibes නමින් නව විශේෂාංගයක් අත්හදා බැලීමට කටයුතු කරයි

Twitter Vibes නමින් නව විශේෂාංගයක් අත්හදා බැලීමට කටයුතු කරයි

Twitter පරිශීලකයන්ට Twwets Edit කිරීමේ හැකියාව හා Twitter සමාගමේ ම Podcast  එකක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව Android වැඩකාරයෝ අපි ඔබට මීට පෙර වාර්තා කළා.

එසේම මේ වන විට Twitter සමාගම Vibe නම් නව විශේෂාංගයක් මත කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා. මේ වන විට වාර්තා වන තොරතුරු අනුව අනාවරණය වන්නේ Tweet Composer Box එක තුළ Dropdown List එකක් මගින් ගැලපෙන Status එකක් දැමිය හැකි බවයි. නමුත් ඒවා එතරම් විනෝදජනක ඒවා නොවන අතර ,"Drving Highway","Shopping Groceries" වැනි ඒවා දක්නට ලැබේ. නමුත්, මේ 'Vibes' Twitter සමාගම හඳුන්වා දුන් Presets ලෙස හෝ නැතිනම් Vibes Customise කිරීමට හැකිවේද යන්න තවම වාර්ථා වී නැත.

Facebookවල මේ අයුරින් පහසුකමක් feelings ලෙස ලබාදුන් අතර ඒවා Add කළ හැක්කේ Fb Post වලට පමණී. නමුත් මේ Vibes බොහෝ දුරට Tweet වලට හා Profileහි දීද Appear විය හැකි බවට තොරතුරු වාර්තා වනවා. Twitter පරිශීලකයා Conference හෝ Event- Live Tweeting වලදී තම Profile Level හිදී මෙය පෙන්විය හැකිය. එයට පහත උදාහරණය පෙන්වාලිය හැකියි.

නමුත් මේ විශේෂාංගය නිකුත් වන දිනයක් පිළිබඳ තවම වාර්තා නොවෙයි. කෙසේ වෙතත්, Custom ලෙස Twitter Vibes දැම්මීමට මෙහි අවස්ථාව ලබා දුන්නහොත් මෙහි ගුණාත්මකභාවය කෙසේ වේදැයි යන්න කිව නොහැකිය.

Twitter Vibes මේ නව විශේෂාංගය කොහොම වේවිද?? ඔබේ අදහස් දක්වන්න….

Source: The Verge

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna