Twitter සමාගම විසින් ඔවුන්ගේම Podcasting Platform එකක් ලබා දීමට සූදානම් වෙයි

Twitter සමාගම විසින් ඔවුන්ගේම Podcasting Platform එකක් ලබා දීමට සූදානම් වෙයි

Twitter විසින් මෑතකදී සිට නව විශේෂාංග සංවර්ධනය කරමින් නිකුත් කරනු ලබනවා. මීට පෙර ඔවුන් විසින් Website එක හෝ mobile app එක හරහා directly communities සෑදීමට ලබා දීම සහ Twitter blue subcribers ලාට 1080p video upload පහසුකමද ලබා දෙනු ලැබුවා. දැන් ඔවුන් විසින් තමන්ගේම podcasting platform එකක් සංවර්ධනය කරන බවට වාර්තා වනවා.

ඉහත රූපයේ ඇති පරිදි twitter හි පහළ navigation bar එකෙහි podcast සඳහා නව tab එකක් යොදා තිබෙනවා. මේ විශේෂාංගය පිළිබඳව පරිශීලකයන් විවිධ මත පළ කර තිබෙනවා. සමහර පරිශීලකයන් මේ සඳහා podcasting එකතු වීම වඩාත් කැමැත්තෙන් පිළිගනු ලබන අතර බොහෝ අය පවසන්නේ මේ නිසා twitter අනවශ්‍ය ලෙස සංකීර්ණ වන බවයි. මේ podcasts සඳහා recorded clips upload කිරීමට හැකිද නැතිනම් live podcasts කිරීමට සිදුවේද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් ලැබී නැහැ. කෙසේ වෙතත් මෙවැනි අවස්ථාවක, podcasting අංශයට සමාජීය පැතිකඩක් හිමිවනවා. අන්තර්ජාලයේ විවිධ පුද්ගලයන්ට දායක වීමට සහ ඔවුන්ගේ අදහස් බෙදා ගැනීමට හැකි වනවා.

මේ පහසුකම ලැබෙන දින පිළිබඳවත්, මෙහි විශේෂාංග පිළිබඳවත් තවම නිශ්චිත තොරතුරක් ලබා දීමට නොහැකි වනවා. ඒ ඉහත screenshot එක තුළින් පෙනෙනුයේ icon එක සහ tab name එක පමණක් වන නිසා ය. ඉදිරියේදී සිදුවීමට නියමිත දේ පිළිබඳ වඩා හොඳ අදහසක් ලබා ගැනීමට අපට තවත් තොරතුරු මතු වන තෙක් බලා සිටීමට සිදු වනවා.

Source: XDA-developers

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna