Android TV සඳහා TikTok සේවාව නිල වශයෙන් ලබා දීමට ByteDance සමාගම කටයුතු කරයි

Android TV සඳහා TikTok සේවාව නිල වශයෙන් ලබා දීමට ByteDance සමාගම කටයුතු කරයි

TikTok කියන්නේ මේ වන විට වෙනත් Social Media Platforms වගේ දිනකට එය භාවිත කරන්නන් පැය කිහිපයක් එය තුල ගත කරන, තරැණ පරපුර අතර වඩාත්ම ජනප්‍රිය Social Media Platform එකක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්. කෙසේ වෙතත් විටින් විට TikTok වෙත ලැබෙන බලැම් ආදිය නම් තවමත් එසේම පවතිනවා. ඒ ගැන අපි මිට පෙර ඔබව හොදින් දැනුම්වත් කර තිබෙනවා. ඒ වගේම ඔබට මතක ඇති අපි මිට පෙර ඔවුන්ගේ Social Media Platform එක Amazon Fire TV වෙත නිකුත් කරන්න කටයුතු කල බවට. ඉන් නොනැවතී මේ වන විට ඔවුන් TikTok App එකේ Android TV Version එකක් එළි දක්වන්න කටයුතු කර තිබෙනවා.

Android TV සදහා හදුන්වා දුන් TikTok App එක Play Store එ⁣කට ලබා දි ඇති අතර මේ වන විට තොරාගත් Regions සදහා පමණක් මෙය Install කිරිමේ හැකියාව ලැබි තිබෙනවා. ඉදිරියේදි ලොව පුරාම පවතින සැම Android TV එකකින්ම TikTok App එක Install කර ගත හැකි වෙන බව ඔවුන් දන්වා සිටිනවා.

Android TV TikTok App එක භාවිත කිරිම සදහා Sign විම අවශ්‍යම නොවන අතර Sign වු විට ඔබගේ Curated List එක නැරඹීය හැකි වෙනවා. ඒ වගේම Sign in විම පහසු කිරිම සදහා QR Code පහසුකමත් ලබා දි තිබෙනවා. හැබැයි Android TV එකේ Video Play විම සිදු වෙන්නේ Portrait Mode එකෙන් වෙනවා.

ඒ වගේම ඔබට මෙය ඔබේ Android TV එකේ Play storeහි සොයා ගැනිමට නොහැකි නම් APK File එක Download කර Android TV එක තුලට Sideload කර Install කර ගැනමට හැකියාව තිබෙනවා.

Source : Android Police, Gizmochina

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara